Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

බුලත්සිංහල, ගෝවින්න කිරිමැටිවලකඩ ඉම්බරගල ශ්‍රී සම්බෝධි බෞද්ධ මධ්‍යස්ථානයේ දී ඉකුත් නිකිණි පසළොස්වක පෝ දින සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පැවැත්විණ. ගල්කිස්ස ශ්‍රී රාජපුෂ්පාරාම විහාරාධිපති ශාස්ත්‍රපති මාදෙල්ගමුවේ නන්දවංශ හිමිගේ අනුශාසකත්වයෙන් ශ්‍රී සම්බෝධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ලංකාතිලකේ අරියධම්ම හිමියන්ගේ මූලිකත්වයෙන් සහ ඇකිරියගල අනුරුද්ධ හිමි, දරන්ගල පදුම හිමි සහ ශ්‍රී සම්බෝධි මධ්‍යස්ථාන බෞද්ධ සංගමයේ සංවිධායකත්වයෙන් එම පින්කම පැවැත්වුණි.