Print this Article


දළදාවත්ත මහා විහාරස්ථානයේ දළදා පූජෝත්සවය

දළදාවත්ත මහා විහාරස්ථානයේ දළදා පූජෝත්සවය

වාද්දූව තල්පිටියේ පුරාණ දළදාවත්ත මහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන ‘ශ්‍රී දළදා මහා පූජෝත්සවය මේ මස 19 වෙනිදා සිට පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පුරාණ දළදාවත්ත මහා විහාරාධිපති ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතනනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

මේ මස 19, 20 වැනි දා ආරම්භ කළ මෙම පින්කම් මාලාවේ අවසන් දිනය වන 27 දින ගම් ප්‍රදේශය ආවරණය වන පරිදි මහා වටපෙරහර පවත්වා පසුදින විහාරස්ථානයේ වැඩ සිට අපවත්වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාට පරලොව සැපත් දායක දායිකාවනට සහ ප්‍රදේශවාසීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා පවත්වන විශේෂ ධර්මදේශනාව පවත්වනු ලැබේ.

ශ්‍රී දළදා මහා පෙරහර 28 දින රාත්‍රී 8.00 විහාරස්ථානයෙන් පිටත්වී අලුයම විහාරස්ථානයට ගෙවදීම සිදු කෙරේ. ඔක්තෝම්බර් 05 වැනි දා රාත්‍රී 7.00 පවත්වන දේවදානය විහාරස්ථානයේ දී සිදු කරන අතර 12 වැනි දා තල්පිටිඋදානය දළදා පූජෝපහාර සංස්කෘතික පෙරහර පැවැත්වීමෙන් පසු දළදා පූජෝත්සව මහා පින්කම නිමාවට පත්වේ.