UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ ධර්මය - 2013 දෙසැම්බර් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට අදාළව බුද්ධ ධර්මය ආදර්ශ ප්‍රශ්නෝත්තර (පෙළ පොත ඇසුරෙනි)

බුද්ධ ධර්මය

2013 දෙසැම්බර් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට අදාළව බුද්ධ ධර්මය ආදර්ශ ප්‍රශ්නෝත්තර (පෙළ පොත ඇසුරෙනි)

1 (1) සිත, කය, වචනය යන තිදොරින් කරන කුසල් හෝ අකුසල් ගණන කීයද ?

2) ගෞරව සම්මාන හා ප්‍රශංසා වැඩි වීමට හේතු වන කරුණු සඳහන් වන ධම්ම පද ගාථාව කුමක්ද ?

3) “බුදුරජාණන් වහන්සේගේ සනාතන දහම් පණිවුඩය දීප්තිමත් තරුවක් සේ බබළයි” යන ප්‍රකාශය කළේ කවුද ?

4) පංච නීවරණ ධර්ම උපමා කිරීමේ දී බොර වතුරට උපමා කළේ කුමන නීවරණය ද ?

5) ණය නැතිකම නිසා සිතේ ඇති වන සුවය කුමක් ද?

6) බුදුරදුන්ගේ පුරුෂ දම්ම සාරථි බුදු ගුණය පදනම් කර ලියූ ගද්‍ය කෘතියේ නම කුමක්ද ?

7) කරණීය මෙත්ත සූත්‍රයේ ‘නිපකෝ’ යන්නෙහි අදහස කුමක් ද ?

8) මිහිරි හඬින් ගාථා සජ්ඣායනා කිරීම පිළිබඳව බුදුරදුන්ගේ ප්‍රශංසාවට ලක්වූ තෙරුන් වහන්සේගේ නම කුමක්ද ?

9) මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම වූ පසු ඉදිවූ ප්‍රථම චෛත්‍යයේ නම ලියන්න.

10) “ සත්හට වන බව දුකට වෙදානං” යන මෙම කවි පන්තිය සඳහන් වන මෙම පොතේ නම ලියන්න.

පිළිතුරු
1 ( 1) 10 කි
2) උට්ඨානවතෝ සතිමතො ගාථාවෙනි
3) ජවහල්ලාල් නේරු තුමා ය
4) විචිකිච්ඡාව
5) අණන සූත්‍රය
6) අමා වතුර
7) නුවණැති වීමය
8) සෝණ කුටිකණ්ණ තෙරුන් ය
9) ථූපාරාමය
10) ලෝවැඩ සඟරාව
 

(2) “ ඔබ දෙවි කෙනෙක් ද?නො එසේ නම් ගාන්ධර්වයෙක් ද ? ඒසේත් නැත්නම් මනුෂ්‍යයෙක් ද ? යනුවෙන් ඇසූ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ නැත යනුවෙන් පිළිතුරු දුන්හ.”

1) එසේ බුදුරදුන්ගෙන් ප්‍රශ්න ඇසුවේ කවුද ?

2) බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පද්මාකාර වන්නේ කෙසේදැ’ යි කෙටියෙන් ලියා දක්වන්න.

3) පද්මාකාර ජීවිතයක් ගත කිරීම තුළින් එය අපේ සමාජ සංවර්ධනයට ඉවහල් වන අයුරු පහදන්න.

පිළිතුරු -2

(1) ද්‍රෝණ නමැති බමුණා
2) සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන්

සියලු කෙලෙස් දුබලතා නැති කර බුදුරජාණන් වහන්සේ දුබලතා සහිත සමාජයේම ජීවත් වූහ. දුබලතා සහිත සමාජය තුළම ගැවසෙමින් හැසිරෙමින් සමාජයට යහපත සලසමින් ගම්, නියම්, ගම්හි සැරසරමින් ක්‍රියා කළ ද සමාජයේ පවත්නා දුබලතා වලින් කිසිසේත්ම අපවිත්‍ර නොවී උන් වහන්සේ වැඩ සිටියහ.

පුණ්ඩරීකං යථා වග්ගු
තොයෙන නුපලිප්පති
නුපලිත්තොම්හි ලොකෙන
තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ

මෙම ගාථාවෙන් ප්‍රකාශ වන්නේ බුදුරදුන් ගත කළ පද්මාකාර ජීවිතයයි. ජලයෙහි ඉපිද ජලයෙහි වැඩී, ජලයෙන් ඉහළට මතුවී, ජලයෙහි නොගෑවී තිබෙන රත් නෙළුම් මලක් හෝ සුදු නෙළුම් මලක් පරිදි කෙලෙස් ගහන මිනිසුන් අතර ඉපිද ඔවුන් අතරම වැඩී කෙලෙසුන් ගෙන් තොරව ඉස්මතු වී නොගැටී වැඩ සිටි නිසාම උන්වහන්සේ බුද්ධ නම් විය. ඉවසීම අකම්පිත නොවී ජීවත් වීම ආදී කරුණු නිසා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පද්මාකාර වන්නේය.

පිළිතුරු -3

පද්මාකාර ජීවිතයක් යනු පවිත්‍ර ජීවිතයක් ගත කිරීමයි. මිනිස් සමාජය ගත් විට එම සමාජය විවිධ විෂම බව පෙනේ. කයින් මෙන්ම සිතුම් පැතුම් හා රුචි අරුචිකම් ආදී වශයෙන් බලන විටද මිනිස් සමාජයේ විවිධත්වයක් දක්නට ලැබේ. එසේම හැසිරීම් වශයෙන් බලන විටද විවිධත්වයකින් යුක්තය.

ගතිගුණ වශයෙන් සලකන විට හොඳ වැඩ කරන යහපත් වැඩ ප්‍රිය කරන, නරක වැඩ කරන, වැරැදි ක්‍රියා ප්‍රියකරන, පින් දහම් කරන සහ නොකරන, යුතුකම් ඉටුකරන සහ ඉටු නොකරන ආගමික ලැදියාවක් ඇති සහ එසේ නොමැති, සද්පුරුෂ මෙන්ම අසද්පුරුෂ, පස් පව් කරන හා ඒවායින් වැළකී කරුණාව, මෛත්‍රිය, දයාව, පරිත්‍යාගශීලීබව ඇති යහපත් චරිත ගොඩ නඟාගෙන ජීවත්වන හා එසේ නොවන පුද්ගලයන් ආදී වශයෙන් විවිධ චර්යාවන්ගෙන් යුතු පිරිස් සමාජයේ දක්නට ලැබේ. මෙබඳු විෂම සමාජයක් තුළ වරදෙහි හා දුසිරිත්වල නොගැටී සිටීම පද්මාකාර ජීවිතයක් ලෙස බුදුදහමෙහි ඉගැන්වේ.

යමෙක් දුසිරිත් වල නොයෙදී සුසිරිත්වල යෙදෙන්නේ නම් සමාජ සංවර්ධනයට එය මහත් පිටිවහලක් වේ.

පද්මය හෙවත් නෙළුම මඩෙහි හටගෙන එහි වැඩී ඉන් පෝෂණය ලබා එම මඩ සහිත ජලයෙන් නැවත මඩ ජලයෙහි නොතැවරී, නොගෑවී විකසිතව සිටී. මඩ ගොහුරුවක සුවඳ හමන ලස්සන නෙළුමක් පිපේ. අපද විවිධ දුබලතා සහිත සමාජයක උපත ලැබූවත් ඒ ජන සමාජයේ පවතින දුබලතා සහ දුසිරිත්වල නොගැටී පිරිසුදු ජීවිතයක් ගත කළයුතුය. එය අපේ සමාජ සංවර්ධනයට ඉවහල් වනු ඇත.


පසුගිය සතියෙන් - බුද්ධ ධර්මය 2013 දෙසැම්බර් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට අදාළව බුද්ධ ධර්මය ආදර්ශ ප්‍රශ්නෝත්තර (පෙළ පොත ඇසුරෙනි)

 

 

බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 18 වෙනිදා බදාදා අපරභාග 06. 44 ට ලබයි. 19 වෙනිදා බ්‍රහස්පතින්දා අපරභාග 04. 48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වෙනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]