UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර ජය සිරි මහ බෝධිය

බිනර පොහෝ දින පෙරවරු 8. 00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය පරිදි පොහොය වැඩසටහන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා සමඟ පැවැත්වේ.

පුන් පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වෙන අතර අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී එදින පෙරවරු 8. 00 සිට පෙරවරු 10. 00 තෙක් භාවනා වැඩසටහන පැවැත්වේ.

පොහොය වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.

බෙල්ලන්විල රජමහා විහාරය

බිනර පොහෝ දින වැඩසටහන් මෙසේය.

පෙරවරු 6. 00 සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව, 7. 00 ට බුද්ධ පූජාව, 8. 30 ට ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත හෑගොඩ විපස්සී හිමි, 10 – භාවනා තලාවේගම සද්ධාතිලක හිමි, පස්වරු 1. 30 – ජාතක ධර්ම දේශනාව - මොරගොඩ සුධම්ම හිමි, 3. 00 ට ධර්ම සාකච්ඡාව - මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි, මහාචාර්ය ජී. ආරියපාල පෙරේරා සහ ශාස්ත්‍රපති පී. වීරතුංග මහත්වරු 4. 30 – ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත හබරකඩ ඉන්දරතන නා හිමි, රාත්‍රි 7. 00 ට බුද්ධ පූජාව, 7. 30 – ධර්ම දේශනාව ඕකන්දයායේ බුද්ධසිරි හිමි.

කළුතර බෝධිය

පෙරවරු - 6. 15 – 7. 15 - සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව වැලිකල පඤ්ඤාකර හිමි අශෝකාරාම විහාරස්ථානය, කළුතර උතුර. 7. 45 – 11. 30 – භාවනාව සහ ධර්ම දේශනය, තපෝවනයේ සුමේධ හිමි අරලිය මළුව, භාවනා මධ්‍යස්ථානය, පොල්පිතිගම. පස්වරු 1. 00 – 3. 00 – ධර්ම දේශනය පුලියැද්දේ සුධම්ම හිමි, බුදුගම සෙනසුන, මොරගහකන්ද වත්ත, කළුතර උතුර 3. 15 – 4. 30 – ධර්ම දේශනය මිරිස්සේ ධම්මික හිමි, සිරි සුදස්සනාරාමය, බත්තරමුල්ල. 4. 45 – 6. 30 ධර්ම දේශනය දියතලාවේ පියදස්සී හිමි, ධර්මායතනය, මහරගම 6. 45 – 7. 45 – පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ බෝධි පූජාව ( පටිගත කළ එකකි ) 7. 50 – 8. 50 – ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව 9. 00 - රූපවාහිනී තුළින් බෞද්ධ වෙහෙර විහාරස්ථාන නැරඹීම.

කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ඌව විශ්වවිද්‍යාලයේ කුලපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ පැවැත්වේ. උදේ ධර්ම දේශනාව කතරගම කිරිවෙහෙර රාජමහා විහාරවාසී ශාස්ත්‍රාචාර්ය වරාපිටියේ රාහුල හිමියන් විසින් කිරිවෙහෙර අටවිසි බෝමලුවේ දී පැවැත්වේ. සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට පැමිණ සුවඳ පැණින් බෝධීන් වහන්සේ තැබීමෙන් අනතුරුව බෝධි පූජාව අෂ්ඨඵල බෝධි තේවාවභාර කිරිවෙහෙර රාජමහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් පවත්වනු ලැබේ. රාත්‍රී 7.00 ට අටවිසි බෝමළුවේ දී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධිපූජාවක් පැවැත්වේ. රාත්‍රි කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවක් පැවැත්වේ. ඊ.එච්. සෝමපාල, කතරගම විශේෂ

ශ්‍රී සම්බෝධි විහාරය

පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර පූජාව දරණාගම කුසලධම්ම හිමි, 6.00 – 7.15 සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව දරණාගම කුසලධම්ම හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව මාදුළුවාවේ සෝභිත හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව දොඩන්දූවේ සිරිකර හිමි, 11.00 – 11.30 ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව ශ්‍රී සම්බෝධි විහාරවාසී අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 ධම්සභා මණ්ඩපය හෑගොඩ විපස්සි හිමි, ආචාර්ය සේනාරත්න කාරියවසම් මහතා මෙහෙයවීම. නීතිඥ ශෂික ජයතිලක මහතා 2.00 – 3.00 භාවනා වැඩසටහන කහගොල්ලේ සෝමවංශ හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව තලල්ලේ චන්දකිත්ති හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව මුරුද්දෙනියේ ධම්මරතන හිමි, 5.30 – 6.00 කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය මහරගම පදුම හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 –7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව දොඩම්පහළ කුමාරකස්සප හිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති තුම්බෝවිල ධම්මරතන හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ, බලංගොඩ ධම්මරක්‍ඛිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දෙසුම, ශශිරා මැණික් වන්නිනායක මහත්මිය, 3.00 – 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති උඩුගල්මොටේ සිරි විමල හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි.

වැඩිහිටි සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්මදේශනාව ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමි, 10.00 –11.00 අභිධර්ම කතාව අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා 11.00 – 11.15 බුද්ධ පූජාව කඩිගමුවේ සමුදිත හිමි ඕපනායක ධම්මවිරාග හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.30 ධර්ම දේශනාව පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්ය දර්ශනපති මඩිහේ සුගතසිරි නා හිමි 4.00 – 5.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති පණ්ඩිත නෙළුවාකන්දේ ඤාණානන්ද නා හිමි, 5.00 – 6.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව, 8.30 – 9.30 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 9.30 – 11.00 ධර්මදේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව, ධම්මසති හිමි, 1.00 – 2.00 ධර්මදේශනාව මාදම්පාගම අස්සජි මා හිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව, මඩවල ධම්මික ජිනවංස නාහිමි, 4.00 – 5.00 ධර්මදේශනය ඇලිකේවල සීලානන්ද නාහිමි, 5.00 –6.00 ධර්මදේශනය තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව, ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි විසින් රචිත, ප්‍රඥා ප්‍රභා සංවිධානය මඟින් නිකුත් කරන මාසික ධර්ම ග්‍රන්ථය මෙදින ද උපාසක උපාසිකාවන්ට ධර්ම දානය ලෙස පිළිගැන්වෙයි.

තෙලවල –විජයරූපාරාම ධර්මායතනය

අලුයම 05.30 කිරිපිඬු දානය සහිත පෙරහර, අලුයම 6.30 – 7.30 දක්වා උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, කෙටි අනුශාසනාව සහ මෛත්‍රී භාවනාව ධර්මායතනාධිපති නා හිමි, පෙරවරු 7.30 – 8.00 දක්වා ප්‍රත්‍යාවේක්‍ෂාව හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 8.00 – 9.00 දක්වා භාවනා වැඩසටහන වඳුරඹ ඤාණාලෝක හිමි, 9.00 – 10.00 දක්වා ධර්ම දේශනාව එච්.ධර්මසේන මයා රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ගතාරේ සන්තින්ද්‍රිය හිමි, 10.00 – 10.45 දක්වා ප්‍රත්‍යවේක්‍ෂාව වදුරඹ ඤාණාලෝක හිමි, 10.45 – පස්වරු 12.00 දක්වා දහවල සම්බුද්ධ පූජාව ඩී.එම්. පතිනායක මයා, දම්පහළ ඤාණසුධීර හිමි. 12.30 – 2.00 දක්වා ධර්ම සාකච්ඡාව, ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා, 2.00 – 3.00 ජාතක කතා දේශනාව ශාස්ත්‍රපති, නිමල් අමරවංශ මහත්මා, 3.00 – 4.00 දක්වා කාව්‍යමය ධර්මදේශනාව හඟුරන්කෙත ඤාණින්ද පොඩි හාමුදුරුවන් වහන්සේ, 4.00 – 5.00 මහ පිරිත් දේශනාව සහිත මහා සමය සූත්‍ර දේශනාව ධර්මායතනයේ හිමි, පස්වරු 6.30 ට සිල් පවාරණය සිදු කිරීම ධර්මායතනාධිපති නා හිමි, පෙරවරු 8.00 බුදුසරණ පත්‍ර බෙදාදීම විජයරූපාරාම ධර්මායතනය මඟින්.

බම්බලපිටිය සිරිවජිරාරාමය

පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද අනු නා හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව පයාගල නන්ද හිමි, 9.00 – 10.00 වෙරළුගොල්ලේ උදයානන්ද හිමි, 10.00 – 11.00 භාවනාව සහ අනුශාසනාව ගම්පහ පාසාදික හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව පැරකුම්පුර විසාරද හිමි, පස්වරු 12.30 – 1.15 සෙත් පිරිත් සහ තෙරුවන් ගුණ කඹුරුගමුවේ මහානාග හිමි, 1.15 – 2.45 ධර්ම සාකච්ඡාව සුගතසිරි හිමි, 3.00 – 4.00 ධම්මපදයෙන් පිටිපන සාසනරතන හිමි, 4.00 – 5.00 ගිහි දේශනාව ප්‍රණීත් අබේසුන්දර මහතා, 5.00 – 6.00 ධර්මදේශනය මීගොඩ සුඛිත හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ පූජාව සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා.

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

පෙරවරු 6. 30 – උපෝසථ සීල සමාදානය, සම්බුද්ධ පූජාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නා හිමි පෙරවරු 8. 00 – ධර්ම දේශනය දිවුරුම්වෙල විනීත හිමි 10. 00 – ධර්ම දේශනය මාදුරුඔයේ ධම්මිස්සර හිමි 11. 30 – දහවල සම්බුද්ධ පූජාව රම්මලේ අරියවිසුද්ධි හිමි පස්වරු 12. 45 – පිරිස් සජ්ඣායනය සහ තෙරුවන් ගුණ නමදිමු. ධර්මායතනවාසී සඟරුවන සමඟින් සිල් පිරිස 1. 00 – විශේෂ ගිහි දෙසුම - ෂේන් බ්ලොක් මහතා 3. 00 – කාව්‍යමය ධර්ම දේශනය රන්සෑගොඩ සුමිත්ත හිමි 4. 00 – ධර්ම දේශනය – රම්මලේ අරියවිසුද්ධි හිමි රාත්‍රී 7. 00 – විශේෂ ගිලන්පස මල් පහන් බුද්ධ පූජා, බෝධි වන්දනාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමිගේ ප්‍රධානත්වයෙන් ධර්මායතනවාසී මහා සංඝ රත්නය.

මෙදින ද බුදුසරණ පුවත්පත ධර්ම දානය වශයෙන් බෙදා දීමෙන් දායකත්වය දරනු ලබන්නේ වසන්ති ධම්මිකා මහත්මිය සහ කාන්ති පෙරේරා මහත්මියයි.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා, ධර්මදේශනා වැඩසටහන් පැවැත්වේ. 8.00 – 9.00 දක්වා ධර්ම දේශනාව පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් ද 9.00 – 10.00 ධර්මදේශනාව දාස්වත්තේ සුමනසීල හිමි, 10.00 – 11.00 දක්වා ධර්මදේශනාව මොරවක ශාන්ත හිමි, 11.00 ට දහවල් බුද්ධ පූජාව පස්වරු 12.30 සිට 1.00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 – 5.00 දක්වා පිළියන්දල සංඛපාලි දසසිල් මාතාව පවත්වන භාවනා වැඩසටහන තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 6.00 ට විසිතුරු මල් පහන් ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහ ශ්‍රාවිකා පූජාවක් පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් පවත්වනු ලබයි.

සිල් පිරිස අතර ධර්මදානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මිය විසිනි.

කුප්පියාවත්ත ජයශේඛරාරාමය

පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව, ශ්‍රී ජයශේඛරාරාමාධිකාරී රජවත්තේ වප්පහිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව විහාරාධිපති තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනා වැඩසටහන, විහාරාධිකාරී, ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 9.15 – 10.15 දක්වා ධර්ම දේශනය 10.30 – 11.00 දහවල් සම්බුද්ධ පූජාව විහාරාධිපති, තලල්ලේ සිරිමහින්ද නා හිමි, 12.15 – 12.30 දක්වා බුද්ධානුස්සති භාවනාව, විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය, 2.15 – 3.15 ට ධර්ම දේශනය, ජයශේඛරාරාමවාසි කෙසෙල්පොත සුමනමංශ හිමි, 3.30- 4.30 දක්වා භාවනා වැඩසටහන තලල්ලේ සිරිමහින්ද නා හිමි, 4.30 – 5.30 ට ධර්ම දේශනය කුප්පියාවත්තේ, බෝධානන්ද නාහිමි, 6.00 ට සිල් පවාරණය 6.45 – 7.30 ට සම්බුද්ධ පූජාව හා අටවිසි පූජාව 8.00 – 9.00 රාත්‍රි ධර්ම දේශනය.

 

බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 18 වෙනිදා බදාදා අපරභාග 06. 44 ට ලබයි. 19 වෙනිදා බ්‍රහස්පතින්දා අපරභාග 04. 48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වෙනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]