UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇසළපෙරහර සිදු කැරෙන ගැටබරු රජමහා විහාරය

ඇසළ පෙරහර සිදු කැරෙන ගැටබරු රජමහා විහාරය

රුහුණු පුර මහා සංස්කෘතික මංගල්‍යය වශයෙන් බැතිමතුන් අතර ප්‍රචලිත ගැටබරු රජ මහා විහාරස්ථ බටහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය සැප්තැම්බර් 15 දා සිට 21 දා දක්වා සිදු කැරේ.

වළගම්බා රජ සමය දක්වා පැතිරී යන ඉතිහාසයක් ඇති මොරවක් කොර්ළයේ ලෙන් විහාරස්ථාන අතර සුවිශේෂි තැනක් හිමිවී ඇති මෙම ලෙන් විහාරස්ථානය අකුරැස්ස දෙණියාය මාර්ගයේ කොටපොළ නගරයට නුදුරු විහාර මාවතේ මකර තොරණ අබියස සිට කිලෝ මීටර 2 ක් පමණ කඳු මාර්ගයේ ගමන් ගත් විට ශාන්ත බවින් පිරි පරිසරයක ගිරි ලෙනක් තුළ පිහිටා තිබේ.

දිගු කලක් තිස්සේ කැලෑවට යටවී තිබූ මේ පින්බිම ලක්දිව පර සතුරු උවදුරු පැවැති සමයේ රුහුණට වැදී සේනා සංවිධානයේ යෙදුණු වළගම්බා රජතුමා විසින් මෙම විහාරස්ථානය ඉදිකරන ලද බව ඉතිහාසගත තොරතුරු අනාවරණය කරයි.

මේ ලෙන් විහාරස්ථානය සොයා ගෙන ඇත්තේ 1834 වර්ෂයේදී ය. ප්‍රදේශවාසීන් එක්ව මෙම ස්ථානය එළිපෙහෙළි කොට ආරාමයක් ද කරවා සංඝයා වහන්සේ නමක් ද වැඩමවා පූජනීය ස්ථානයක් බවට පත් කැරිණි.

කාලයකට පසු මෙහි ප්‍රථම වරට ඇසළ පූජෝත්සවය ආරම්භ වූයේ පනහේ දශකයේදී ය.

ගැටබරුව ගැන සඳහන් කරන විට මෙම පුදබිම ආරක්ෂා කරනුයේ ප්‍රාදේශීය දෙවි කෙනෙකු වශයෙන් ජනතාව තුළ දැඩි විශ්වාසයක් පවතින බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන් විසිනි.

පනහේ දශකයේ පෙරහර ආරම්භ වීමෙන් අනතුරුව එය ක්‍රමයෙන් වර්ධනය වූයේ ගැටබරුව රාජ්‍ය අනුග්‍රහයෙන් පූජා භූමියක් ලෙස සංවර්ධනය වෙමිනි.

අවශ්‍ය සියලුම විහාරාංගයන්ගෙන් සමන්විත මේ පුණ්‍ය භූමියේ තුනුරුවන් උදෙසාත් රජ්ජුරු බණ්ඩාර සහ විෂ්ණු, කතරගම දෙවිවරුන් උදෙසාත් දිනපතා තේවාවන් සිදු කරනු ලබන්නේ ගැටබරු රජ මහා විහාරාධිපති චන්දවිමල හිමියන්ගේ අනුශාසනා පරිදි විහාර කෘත්‍යාධිකාරී උඩමළුවේ තේවාව භාර කිරින්දේ ආනන්ද හිමියන් විසිනි.

විහාරාධිපති හිමියන්ගේත් උඩමළුවේ තේවාව භාර හිමියන්ගෙන් උපදෙස් මත රජ්ජුරු බණ්ඩාර දේවාලයේ ගිහි භාරකරු වශයෙන් බස්නායක කිංස්ලි ලියනගේ මහතා ක්‍රියා කරයි.

අලි ඇතුන් සහිත උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායික නර්තන සහ විශේෂාංගවලින් සමන්විත රන්දෝලි පෙරහර වීථි සංචාරය කරනුයේ 18 දා සහ 19 දා රාත්‍රී 9. 00 ට ය.

සැමට සෙත් පතා පැවැත්වෙන කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය 20 දා රාත්‍රී උඩ මළුවේ සංස්කෘතික මණ්ඩපයේදී ආරම්භ වී 21 දා අළුයම ගිනි පෑගීමෙන් අවසන් කැරේ.

 

 

බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 18 වෙනිදා බදාදා අපරභාග 06. 44 ට ලබයි. 19 වෙනිදා බ්‍රහස්පතින්දා අපරභාග 04. 48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වෙනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]