UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු සසුනේ චිරස්ථිතිය පතා ධම්මදීප සභාව ඇරැඹේ

බුදු සසුනේ චිරස්ථිතිය පතා ධම්මදීප සභාව ඇරැඹේ

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා කටයුතු කිරීමේ පරමාර්ථයෙන් සහ ජාතික හා ආගමික වශයෙන් මතුවන පොදු ප්‍රශ්නවලට විසඳුම් සෙවීම, ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සමගිය තහවුරු කිරීම,සදාචාර සම්පන්න බෞද්ධ සමාජයක් ඇති කිරීම, බුද්ධ ශාසනයේ හා සිංහල ජාතියේ දියුණුවට අදාළ ජාතික හා අධ්‍යාපනික ප්‍රතිපත්ති සම්පාදනය,ජාතික හා ආගමික සුබසාධන කාර්යයන් සිදුකිරීම යන අරමුණු මුල් කර ගනිමින් ධම්මදීප සභාව මහනුවරදී පිහිටුවා ගෙන ඇත.


ආචාර්ය නියංගොඩ විජිතසිරි අනු නාහිමි, කොටුගොඩ ධම්මාවාස අනු නාහිමි, මහාචාර්ය වරාගොඩ පේමරතන අනු නාහිමි, ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමි, දර්ශනපති ආණමඩුවේ ධම්මදස්සි නා හිමි, මහරගම නන්ද හිමි, දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද ඡායාරූපයේ වෙති. - තුෂාර ප්‍රනාන්දු

ධම්මදීප සභාවේ ප්‍රතිපත්ති ලෙස කිසිදු ජන කොට්ඨාසයකට හෝ ආගමකට හිංසා නොකිරීම, ද්වේශ සහගතව භික්‍ෂූන් හෝ බෞද්ධ ආයතන විවේචනය නොකිරීම, ස්වයං විනය හා ප්‍රතිපත්ති ගරුකවීම,දේශපාලන පක්ෂ හා සංවිධාන සමග ගැටුම් ඇතිකර නොගැනීම, උත්තරීතර සභාවේ හා උපදේශක සභාවේ නිගමනයන්ට අනුගතවීම සඳහන් වේ.

වටිනා අරමුණු හා අපේක්‍ෂා මුල්කර ගනිමින් 2013 පෙබරවාරි 08 වනදා ඓතිහාසික ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ රැස්වීම් ශාලාවට රැස් වූ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක දවුල්දෙන ඤාණිස්සර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන තෛ‍්‍රනිකායික අතිපූජනීය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිව් නම ප්‍රමුඛ අතිගරු අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු සම්භාවනීය මහා සංඝරත්නය සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර දේවාලයන්හි බස්නායක නිලමේවරුන් හා බෞද්ධ සංවිධාන නියෝජිතවරුන් ඇතුළු ගිහි ප්‍රභූවරුන්ගේ ද සහභාගිත්වයෙන් රැස්වී සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම හා සිංහල ජාතියේ චිර පැවැත්ම හා අභිවර්ධනය උදෙසා ධම්මදීප සභාව පිහිටුවා ගෙන ඇත.

තෛ‍්‍රනිකායික අතිපූජ්‍ය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසනා පරිදි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මෙහෙයවීමෙන් ධම්මදීප සභාව නම් වූ ශාසනික හා පූජා සත්කාර සංවිධානයේ අරමුණු හා කාර්යභාරයන් පැහැදිලි කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඉකුත් දා (10) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

එම අවස්ථාවට මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනු නායක ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි අනු නාහිමි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි දර්ශනපති ආණමඩුවේ ධම්මදස්සි නා හිමි, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නාහිමි, මහාචාර්ය වරාගොඩ පේමරතන අනුනාහිමි, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි, මහරගම නන්ද නාහිමි, ඇතුළු මහා සඟරුවන ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

ධම්මදීප සභාවේ කාර්ය සාධනය සඳහා පිහිටුවා ඇති අනු කාරක සභාවල සාමාජිකත්වය ගිහි පැවිදි දෙපාර්ශ්වයෙන්ම සමන්විත වේ.

තෛ‍්‍රනිකායික අතිපූජනීය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ධම්මදීප සභාවේ උත්තරීතර සභාව වන අතර තෛ‍්‍රනිකායික අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විධායක සභාව ලෙසද පාලක සභාව අධීකෂණ හා නිර්දේශ මණ්ඩලයද ක්‍රියාකාරි සභා හා අනු කාරක සභා ලෙස නීති අනු කාරක සභාව, මූල්‍ය අනු කාරක සභාව, තොරතුරු තාක්ෂණ හා දත්ත රැස් කිරීමේ අනු කාරක සභාව, උපදේශන හා දැනුවත් කිරීමේ අනු කාරක සභාව ද ප්‍රජා සත්කාරක හා සුබසාධක අනු කාරක සභාවද ජාත්‍යන්තර සබඳතා හා සහයෝගිතා අනුකාරක සභාව ද වේ. ධම්මදීප සාමණේර අනු කාරක සභාව, ධම්මදීප යෞවන අනු කාරක සභාව, ධම්මදීප කාන්තා අනු කාරක සභාව, ධම්මදීප ළමා අනු කාරක සභාව ද වේ.

ධම්මදීප සභාවේ දිස්ත්‍රික් පාලක සභාවේ ව්‍යුහයද දිස්ත්‍රික් විධායක සභාව, දිස්ත්‍රික් පාලක සභාව, දිස්ත්‍රික් අධීක්‍ෂණ හා නිර්දේශ මණ්ඩලය, දිස්ත්‍රික් අනු කාරක සභා, දිස්ත්‍රික් නීති, අනු කාරක සභාව, දිස්ත්‍රික් මූල්‍ය අනු කාරක සභාව, දිස්ත්‍රික් තොරතුරු තාක්ෂණ හා දත්ත රැස්කිරීමේ අනු කාරක සභාව, දිස්ත්‍රික් උපදේශන හා දැනුවත් කිරීමේ අනු කාරක සභාව, දිස්ත්‍රික් ප්‍රජා සත්කාරක හා සුබසාධක අනු කාරක සභාව, දිස්ත්‍රික් ජාත්‍යන්තර සබඳතා හා සහයෝගිතා අනු කාරක සභාව ද දිස්ත්‍රික් සාමණේර අනු කාරක සභාව, දිස්ත්‍රික් යෞවන අනු කාරක සභාව, දිස්ත්‍රික් කාන්තා අනු කාරක සභාව,දිස්ත්‍රික් ළමා අනුකාරක සභාව ලෙස ද සමන්විතය.

 

බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 18 වෙනිදා බදාදා අපරභාග 06. 44 ට ලබයි. 19 වෙනිදා බ්‍රහස්පතින්දා අපරභාග 04. 48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වෙනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]