Print this Article


සංකල්ප නිකිණි උදානය

සංකල්ප නිකිණි උදානය

පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරස්ථ සංකල්ප දහම් පාසල් ආදි ශිෂ්‍ය සංගමය ‘සංකල්ප’ නව යොවුන් එකමුතු සමඟ සංකල්ප පංච මහා දේවාලයන් සංවිධානය කරන සංකල්ප නිකිණි උදාව ප්‍රදර්ශනය සමගින් සංකල්ප විහාරස්ථ පංච මහා දේවාලයේ නානුමුර මංගල්‍යය සංකල්ප විහාර පරිශ්‍රයේදී මේ මස 17 සිට 22 දක්වා පැවැත්්වීමට කටයුතු යොදා ඇත.

බුද්ධ ප්‍රතිමා වහන්සේ 500 කට අධික ප්‍රමාණයක් සමඟින් ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනයද සමඟ මෙම ප්‍රදර්ශන සඳහා කුටි 500 ක ප්‍රමාණයක් වෙන්කර ඇත. ඉහත සඳහන් දිනවල සවස 2 සිට රාත්‍රී 10 දක්වා ප්‍රදර්ශනය පැවැත්වේ.

සංකල්ප විහාරාධිපති හා දහම් පාසැලේ ප්‍රධානාචාර්ය සහ කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙය සංවිධානය කර තිබේ.