Print this Article


ශ්‍රී ලංකන් ගුවන් සේවය දඹදිව වන්දනාවට නව මාර්ග හඳුන්වා දෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය දඹදිව වන්දනාවට නව මාර්ග හඳුන්වා දෙයි

ශ්‍රී ලාංකීය බොදුනුවන් වෙනුවෙන් දඹදිව වන්දනාව සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය නව ගමන් මාර්ගයක් හඳුන්වා දෙයි. එම නවතම මාර්ගය ‘බැංගලෝරය’ නමින් හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව හා පහසුව සඳහා බැංගලෝරය හරහා ගොස් පූජනීය ස්ථාන වැඳපුදා ගැනීමට පහසුකම් සලසා තිබේ. මේ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා දඹදිව චාරිකා සංවිධායකවරුන් කිහිපදෙනෙකු බැංගලෝරයේ වාරික කිහිපයක් සිදුකළ අතර බැංගලෝරයේ සිට බරණාසිනාග්පූර්, සාන්චි, මයිසෝරි සහ භයිද්‍රබාද් චාරිකා සඳහා ගමන් කිරීමේ පහසුව සලසා ඇත. බැංගලෝරයේ සිට නවදිල්ලිය බලා දිනකට පිටත් වන දුම්රිය ගමන්වාර තුනකට වැඩිය.

අවම වියදමකින් මෙම වන්දනා චාරිකාවට සහභාගි විය හැකි බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විකුණුම් කළමනාකාර ජයන්ත අබේසිංහ මහතා සඳහන් කරයි.