Print this Article


වාර්ෂික සීනිගම ඇසළ උලෙළ

වාර්ෂික සීනිගම ඇසළ උලෙළ

ඓතිහාසික සීනිගම දෙවොල් මහා දේවාලයේ 46 වැනි වාර්ෂික ඇසළ මංගල්‍යය මේ මස 07 දින සිට 13 දින දක්වා දිවා රාත්‍රී පැවැත්වීමට භාරකාර මණ්ඩලය තීරණය කර තිබේ.

සැප්තැම්බර් 07 වැනිදා සමුළුව මහා නාහිමිවරු ප්‍රධානත්වයෙන් දේවාල භූමියේ දී පැවැත්වේ. එදින රාත්‍රී සංඝරත්නය විසින් වාර්ෂික සිදු කරන සර්ව රාත්‍රික පිරිත් දේශනාව සිදුවේ.

08 වැනි දා පෙරවරු 8 ට සංඝරත්නය විෂයෙහි පැවැත්වෙන සපිරිකර සංඝගත දක්‍ෂිණාව සහිත සාංඝික මහා දානය පිරිනැමෙන අතර දවල් 2 ට අලි ඇතුන් සහිත උඩරට, පහතරට, සබරගමු නැටුම් සහිත පෙරහර තෙල්වත්ත පුරාණ තොටගමු රජමහා විහාරයට ගොස් දේවාලයට පැමිණේ. 09 වැනි දා සීනිගම දේවාලයෙන් පිටත්වන දෙවන දිවා මහා පෙරහර හික්කඩුව දක්වා ගමන් කොට නැවත දෙවොලට පැමිණේ.

සැප්තැම්බර් මස 10, 11 යන දිනයන්හි රාත්‍රී මහ පෙරහර විවිධ අංගයන් තුළින් සමන්විත වන අතර විෂ්ණු, පත්තිනි, කතරගම, දෙවොල්, ගනදෙවි, සෙත් පතා මහා පෙරහර දේවාල භූමියෙන් රාත්‍රී කොළඹ, ගාලු මහා මාර්ගයේ පැරෑලිය බාමියන් බුදුපිළිම වහන්සේ දක්වා ගමන් කොට එම මාර්ගයේම නැවත වැරැල්ලාන නෙලුම්විල මහා විහාරය දක්වා ගමන් කොට නැවත දේවාල ශුද්ධ භූමියට ළඟා වීමට නියමිතය. 12, 13 දෙදින තුළ දේව පූජා පැවැත්වේ.