Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ලෝවැසි බෞද්ධ ජනතාවගේ පූජනීයත්වයට පත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා වාර්ෂිකව පැවැත්වෙන මහනුවර ඇසළ මහ පෙරහර මෙවරද උත්කර්ෂවත් අයුරින් පැවැති අතර එය සාර්ථකව නිම කිරීම පිළිබඳ සංදේශය මහනුවර ජනාධිපති මන්දිරයේදී පසුගිය 21 වැනිදා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අතින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදුන් අයුරු. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ද මෙහි වෙයි. - ඡායාරූප: සුදත් සිල්වා

අමරපුර සිරි සද්ධම්මවංශ ධීරානන්ද පාර්ශ්වයේ ප්‍රථම මහානායක ධුරයෙන් පිදුම් ලැබූ කොළඹ 10 එළියස් පෙදෙස සංඝමිත්තා විහාරාධිපති බෙලිදෙණියේ සිරිධම්ම මහා නා හිමියන්ට සන්නස්පත්‍රය පිළිගැන්වීම අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා අතින් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා සිදුවිය. ධීරානන්ද පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප නාහිමියන්ද ඡායාරූපයේ වෙති.



ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 150 වැනි සංවත්සරය නිමිත්තෙන් දීපව්‍යාප්තව පැවැත්වෙන පූජෝත්සව මාලාව පසුගිය 13 දින අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී සමාරම්භ විය. එම පූජෝත්සව මාලාවට සමගාමීව රත්නපුර දිස්ත්‍රික්කයේ දරුවන් 25 දෙනෙකු පමණ පැවිදි කිරීමේ පුණ්‍ය මහෝත්සවය අගෝස්තු මස 08 සහ 09 යන දිනවලදී පැවැත්වුණි. 08 වැනි දින සවස 3.00 රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ සිට පැවිදි බව ලබන දරුවන් රැගත් පෙරහර රත්නපුර නගරය මැදින් මුද්දුව ශ්‍රී සුමන මහ පිරිවෙන් විහාරස්ථානයට පැමිණි අතර ශ්‍රී මහා බෝධි පූජාව සහ සර්ව රාත්‍රික පිරිත් දේශනාව ද පැවැත්වුණි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක, අනු නායක, කාරක සංඝ සභික නායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් එම පැවිදි පින්කම පැවැත් වූ අවස්ථාව.

වසර 260කට පෙර ශ්‍රී ලංකාවට උපසම්පදාව නැවත රැගෙන ආ සියම් දේශයේ උපාලි තෙරුන් වහන්සේගේ දැව ප්‍රතිමාවක්, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා විසින්, තායිලන්තයේ අයෝධ්‍යා නගරයේ ආණ්ඩුකාර විනායා පියුපෙං මහතා වෙත, බාරදුන් අයුරු. මහනුවර පල්ලේකැලේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති තායි ශ්‍රී ලංකා සංස්කෘතික ප්‍රදර්ශනයේ හා සංස්කෘතික සංදර්ශනය අවස්ථාවේ දී මෙය සිදුකෙරිණි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ද එම අවස්ථාවට සහභාගි විය. ඡායාරූපය: උදේනි රාජපක්‍ෂ

පසුගිය ඇසළ පොහොය දිනය නිමිති කරගෙන මීරිගම හාපිටිගම ජයසුමනාරාම පිරිවෙන් මූලමහා විහාරස්ථානයේ ෆොන්සේකා දහම් පාසලේ සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලද භක්ති ගීත ගායනයේ අවස්ථාවක්.