Print this Article


කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත ජාත්‍යන්තර බෞද්්ධ අධ්‍යයන විද්‍යායතනයේ ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවය

කැලණිය බොල්ලෑගල මානෙල්වතු මහා විහාරස්ථානයට අනුබද්ධ ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන විද්‍යායතනය මඟින් මෙහෙයවනු ලබන බුද්ධශ්‍රාවිකා ආගමික හා සමාජයීය නිපුනතා ප්‍රවර්ධන ඩිප්ලෝමා පාඨමාලාව පස්වන වරටත් සාර්ථකව නිමාකරන ලද බුද්ධශ්‍රාවිකාවන් 50 නමක් උදෙසා ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවය 2013 අගෝස්තු මස 02 දින ආයතන පරිශ්‍රයේ දී සිදුකරන ලදී.

මානෙල්වතු මහා විහාරාධිපති, ආයතනාධිපති, තායිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෝදාගම චන්දිම නා හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ක්‍රියාත්මක වන එම පාඨමාලාව හදාරණ බුද්ධ ශ්‍රාවිකාවන් උදෙසා සියලු අධ්‍යාපන පහසුකම් නොමිලයේ ලබාදීම ද විශේෂත්වයකි.

එම සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නා හිමි, ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය පල්ලේවෙල සාරද නා හිමි ඇතුළු සම්භාවනීය විද්වත් පිරිසක් ද කථිකාචාර්ය මණ්ඩලය හා බුද්ධ ශ්‍රාවිකාවෝ ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වූහ.

අයදුම්පත් කැඳවීම - කැලණිය මානෙල්වත්ත මහා විහාරස්ථානයට අනුබද්ධ ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන විද්‍යායතනය මඟින් පවත්වාගෙන යනු ලබන බුද්ධශ්‍රාවිකා ආගමික හා සමාජයීය නිපුණතා ප්‍රවර්ධන ඩිප්ලෝමා පාඨමාලාවේ 06 වන කණ්ඩායම සඳහා ද අයැදුම්පත් කැඳවා ඇත. එම පාඨමාලාවට අදාළ නේවාසික පහසුකම් හා වෙනත් පහසුකම් සියල්ල ආයතනය මඟින් නොමිලයේ සපයනු ලබන අතර පාඨමාලාව හය මාසික හා වාර්ෂික වශයෙන් සංවිධානය කර තිබේ. පාඨමාලාව හැදෑරීමට අපේක්‍ෂා කරන බුද්ධ ශ්‍රාවිකාවන් සිය මූලික තොරතුරු ඇතුළත් අයදුම්පත්‍ර කළමනාකාර අධ්‍යක්‍ෂ, ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන විද්‍යායතනය, මානෙල්වත්ත මහා විහාරය, බොල්ලෑගල, කැලණිය යන ලිපිනයට යොමු කරන්නැයි ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය පල්ලේවෙල සාරද නා හිමියෝ ඉල්ලීමක් කරති. 0773952253 හෝ 0112905596 ට අමතා වැඩි විස්තර ලබා ගත හැකිය.