Print this Article


රිදී විහාරයේ ඇසළ පෙරහර

රිදී විහාරයේ ඇසළ පෙරහර

කුරුණෑගල රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ සිද්ධාර්ථ ශ්‍රී සුමංගල මහ නාහිමියන් අධිපතිධුරය හොබවන රිදී විහාරයේ ඇසළ පෙරහර 30 වැනි දා රාත්‍රි මහා නා හිමියන්ගේ අවවාද අනුශාසනා ඇතුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

30 වැනිදා සවස ආරම්භ වන පෙරහර රිදීගම නගරය පුරා වීදි සංචාරය කිරීමට නියමිතය. මෙම පෙරහර සඳහා අලි ඇතුන් 25 ක් හා නැටුම් කණ්ඩායම් 30ක පමණ සහභාගි වනු ඇත.

දිය කැපීම හා දවල් පෙරහර අගෝස්තු 31 වන දින පැවැත්වීමට නියමිතය.