Print this Article


ලේ දන් දීමක්

ලේ දන් දීමක්

කොළඹ, මාදම්පිටිය, ධවලසිංහාරාම මහා විහාරස්ථානයේ දී ශ්‍රී ඤාණසිරි දහම් පාසලට වසර 34 පිරීම නිමිත්තෙන් විහාරාධිපති වස්කඩුවේ සිරිරතන කොළඹ පළාතේ උප ප්‍රධාන සංඝනායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා ප්‍රධානාචාර්ය වස්කඩුවේ සිරිවිමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ද 2013 ශිෂ්‍ය නායක මඩුල්ල සංවිධානය කරන ලද ලේ දන්දීමක් පසුගිය දා සිදු කෙරිණ.

කැලණිතිස්ස විදුලි බලාගාරයේ හමුදා අණදෙන නිලධාරී කර්නල් ජානක පි‍්‍රයදර්ශන, මේජර් වජිර පෙරේරා මහත්වරු සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයද ඇතුළු ප්‍රදේශයේ බහුවිධ ජාතීන් හා ආගමිකයන් 150 පමණ පිරිසක් මෙම ලේ දන්දීමට ඉදිරිපත් වූහ.