Print this Article


කහගල ධම්මරක්‍ඛිත නා හිමි සමරා පින්කම්

කහගල ධම්මරක්‍ඛිත නා හිමි සමරා පින්කම්

කඩුගන්නාව, ඉලලදොර පොත්ගුල් පුරාණ විහාරාධිපතිව වැඩසිට අපවත් වී වදාළ මල්වතු මහා විහාර පාර්ශ්වයේ යටිනුවර ප්‍රධාන සංඝනායක කහගල ශ්‍රී ධම්මරක්‍ඛිත නා හිමියන්ට පින් අනුමෝදන් කරවන තුන්මාසයේ පිරිත් පින්කම මේ මස 30, 31 දිනයන්හි පැවැත්වේ.

වත්මන් විහාරාධිපති, නා හිමි ප්‍රධාන ශිෂ්‍ය, ශාස්ත්‍රපති ඕවල සෝරත නා හිමිගේ මූලිකත්වයෙන් සිදුකරන ගුණසමරු පින්කම 30 වෙනිදා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවකින් ආරම්භ කරන අතර 31 වෙනි දින මල්වතු අස්ගිරි මහානායක, අනුනායක හිමිවරු ප්‍රධාන ශතාධික මහාසංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනමා ධම්මරක්ඛිත නා හිමිපාණන්ට පින් අනුමෝදන් කෙරේ.