Print this Article


සන්නස්පත්‍ර ප්‍රදානය

සන්නස්පත්‍ර ප්‍රදානය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කුරුණෑගල සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී කුරුණෑගල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ සභාපති වැල්ලව බුදනාපිටිය වළලුගල පුරාණ විහාරාධිපති ප්‍රවීණාචාර්ය සමස්ත ලංකා සාමවිනිසුරු කල්ලන්චියේ චන්ද්‍රවංශ ස්වාමීන් වහන්සේට “ධම්මසේන ධම්මරංසි සිරිධම්ම වංසාලංකාර ධර්ම කීර්ති ශ්‍රී විචිත්‍රභාණක” යන ගෞරව නාමය පිළිබඳ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය මේ මස 25 වන ඉරු දින සවස 2.00ට බුදනාපිටිය වළලුගල පුරාණ විහාරස්ථානයේදී රාජකීය පණ්ඩිත නාපාන පේමසිරි මහා නායක මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු ගිහි පැවිදි ප්‍රභූන් රැසක් ද මේ අවස්ථාවට සහභාගීවීමට නියමිතව තිබිණි.