Print this Article


පූජාපිටිය මඩදෙණිය සිරි නිකේතාරාම විහාරස්ථ ධර්මදූත දහම් පාසල

පූජාපිටිය මඩදෙණිය සිරි නිකේතාරාම විහාරස්ථ ධර්මදූත දහම් පාසල


ආරම්භක ප්‍රධානාචාර්ය සිරි නිකේතාරාමාධිපති අත්තරගම නාගිත හිමි සමඟ ආචාර්ය මණ්ඩලය

ශිෂ්‍ය නායක නායිකාවන්

දහම් පාසල් දරු දැරියන්ගෙන් කොටසක්

පූජාපිටිය ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයට අයත් දහම් පාසල් මගින් ප්‍රදේශයේ දරු දැරියන් වෙත ලබාදෙන දහම් දැනුම විශිෂ්ටය. පූජාපිටිය මඩදෙණිය සිරි නිකේතාරාමයේ පිහිටි ධර්මදූත දහම් පාසල ද එවන් විශේෂිත දහම් පාසලකි.

1956 ජූලි 27 වන දින දුෂ්කරතා රැසක් මධ්‍යයේ ආරම්භ කළ මෙම දහම් පාසලෙහි ප්‍රධානාචාර්ය ධුරය හොබවනු ලැබුවේ අත්තරගම නාඟිත හිමියන් විසින් ය. එකල ආචාර්ය මණ්ඩලය තිදෙනෙකුගෙන් සමන්විත වූ මෙහි සිසු සිසුවියෝ පහළොස්දෙනෙක් වූහ.

මෙම දහම් පාසලේ වත්මන් ආචාර්ය මණ්ඩලය දොළොස් දෙනෙකුගෙන් සමන්විත වන අතර ධර්මඥානය ලබන සිසු සිසුවියෝ 150 ක් පමණ සිටිති.

දායකයන්ගේ නොමසුරු ආධාරයන්ගෙන් සහ මාර්ගෝපදේශකත්වය යටතේ දහම් පාසල් සිසු සිසුවියෝ විහාරයේ ආගමික සේවාවන්හි නිබඳවම නිරත වෙති.වෙසක් පොසොන් පොහොය දිනවල දී ක්‍රියාත්මක කරන ආගමික වැඩසටහන් උදෙසා විහාරාධිපති හිමියන්ගෙන් ලැබෙන මාර්ගෝපදේශකත්වය අගනේ ය.

අනාගතයේදී රටේ සද්ධර්මය බබළවන සදාචාරවත් පුරවැසියන් පිරිසක් බිහි කිරීමට ධර්මදූත දහම් පාසලට හැකි වේවා!