Print this Article


බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි ජන්ම සමරුව 24 වන දා

බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි ජන්ම සමරුව 24 වන දා

බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන්ගේ් 117 වන ජන්ම සමරු උළෙල අගෝස්තු 24 සවස 3.00 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මිහිලක මැදුරේ දී පැවැත්වේ. එහිදී අග්ගමහා පණ්ඩිත, අභිධජ මහා රට්ඨගුරු බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමඟ මාධ්‍යවේදී සීසර් සුදුසිංහ 1997 දී කළ පුවත්පත් සාකච්ඡා ලිපි පෙළ ඇසුරින් සම්පාදිත ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි අවසන් සාකච්ඡා ග්‍රන්ථය දොරට වැඩීමට ද කටයුතු යොදා තිබේ.

මහරගම සාහිත පොත් පියසෙහි නවතම ප්‍රකාශයක් වන මෙම ග‍්‍රන්ථයෙන් භව ගමන, ස්ත්‍රි පුරුෂ ජන්මය, පරම ලාභය දියුණුවට මඟ, සිතේ අසිරිය, දේව හා භූතාත්ම, කර්මය, මිසදිටු ආකල්ප, සම්බුද්ධ ආශ්චර්යය, මගඵල හා නිර්වාණ අවබෝධය මෙන්ම භාවනා ආදී ගැඹුරු මාතෘකා රැසක් සරලව පැහැදිලි කර ඇත.

බළංගොඩ ආනන්ද මෛත්‍රෙය පදනම මඟින් සංවිධානය කරනු ලබන මෙම උළෙලේ මුලසුන ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනු නා හිමියන් හොබවන අතර මහාචාර්ය අසංග තිලකරත්න මහතා ඇතුළු විද්වත්හු දෙසුම් පවත්වති. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ජන්ම සමරු උළෙලේ දී අභිනව ග්‍රන්ථය එළිදැක්වීම සහ ශිෂ්‍යාධාර පිරිනැමීම ද සිදු කෙරේ.