Print this Article


වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමි ගුණ සමරු පින්කම තෙදිනක්

වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමි ගුණ සමරු පින්කම තෙදිනක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරන්දරව වැඩ විසූ මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරාධිපති ශාසන ශෝභන ශ්‍රී සද්ධර්මවාගීශ්වරාචාර්ය සිරි සරණංකරෝපසේන වංශාවතංස සාහිත්‍ය චක්‍රවර්ති අග්ගමහා සද්ධම්ම ජොතිකාධජ වේවැල්දෙණියේ ශ්‍රී මේධාලංකාර මහ නා හිමි පළමු වාර්ෂික ගුණ සමරුව නිමිත්තෙන් මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරස්ථානයේ දී මෙම 29 වන දා සිට 31 වන දා දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ.

මෙම 29 වන දා විශේෂ බෝධි පූජා පින්කම බොරැල්ලේ අතුල නාහිමියන් විසින් පවත්වනු ලබන අතර 30 වන දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද 31 වන දා පෙරවරුවේ සපිරිකර මහා සංඝගත දක්‍ෂිණාවද පැවැත්වීමට ශාසනාවර්ධන පිරිවෙන් මහා විහාරාධිපති සීතාඑළියේ චන්දානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කිරීමට කටයුතු යොදා ඇත.