Print this Article


ධර්ම දේශනා

ධර්ම දේශනා

තලැම්මැහැර

තලැම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී මාවරලේ භද්දිය හිමිපාණන්ගේ ධර්ම දේශනාවක් මෙම 22 වනදා සවස 6 ට පැවැත්වේ.

කෑගල්ල අඹන්පිටිය

පදලංගල ධම්මදේව හිමිපාණන්ගේ සුමධුර ධර්ම දේශනාවක් මේ මස 28 බදාදා පස්වරු 5.30 ට කෑගල්ල අඹන්පිටිය ශ්‍රී සුවිසුද්ධාරාමයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පන්නල

වස් තුන් මාසය නිමිත්තෙන් පන්නල ශ්‍රී දේවරාජාරාම විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ. ඒ නිමිත්තෙන් කිරිබත්ගොඩ, තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙන් ආචාර්ය කොටියාගල සීවලී හිමියන්ගේ ධර්ම දේශනයක් මෙම (20) දා සවස 7.00 ට පැවැත්වේ.

බෝධි පූජා හා ධර්මදේශනා

මේ මස 20 දක්වා වල්පිට ගම්උදා නිවාස ක්‍රමයේ ‘සම්බුද්ධාලෝක’ විහාරස්ථානයේ දී බෝධි පූජාවන් හා ධර්ම දේශනා මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.