UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ බුදුගුණය භාවනාවට නංවන ක්‍රමය සෝ භගවා ඉතිපි බුද්ධෝ

බුද්ධ බුදුගුණය භාවනාවට නංවන ක්‍රමය

සෝ භගවා ඉතිපි බුද්ධෝ

මෙම ලිපියෙහි දෙවන කොටස ජුලි 29 දින පත්‍රයේ පළවිය.

62. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය සියලු කෙලෙසුන්ගේ නිවීම නිබ්බාන නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

63. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ පෙරැළීමක් නැති බැවින් අචිපරිනාම නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

64. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය සංසාර වට්ටයෙන් පැනගිය බැවින් නිර්වාණය විවට්ට නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

65. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය හුදකලා පවත්නා දහමක් බැවින් කේවල නම් වූ නිර්වාණය නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

66. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ ආලය රහිත බැවින් අනාලය නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

67. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය සැමදෙනා විසින් යායුතු බැවින් පද නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

68. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය විනාශ නොවන හෙයින් අච්චුත නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

69. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය කිසිම කලෙක නිම නොවන බැවින් අක්ඛර නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

70. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය සියලු සංස්කාරයන්ගේ මිදීම වූ විමුක්ත නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

71. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය සසර බැඳුම් මුදවන බැවින් විමුක්ති නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

72. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ කිසිම වර්ග බවක් නැති බැවින් අපවග්ග නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

73. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ රාගයෙන් නොඇලෙන බැවින් විරාග නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

74. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ සතර යෝග භය නැති බැවින් යෝගක්ඛේම නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

75. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ ක්ලේශ තාපයන් නැති බැවින් සන්ති නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

76. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය අතිශයින් පිරිසුදු බැවින් විසුද්ධි නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

77. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය කෙලෙසුන්ගෙන් ද මිදුන බැවින් නිබ්බුත නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

78. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය කෙලෙස් රජස් නැති බැවින් විරජ නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

79. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ කෙලෙස් මල නැති බැවින් වීතමල නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

80. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය හේතුවකින් හට නොගත් බැවින් අසංඛත නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

81. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය නැවත නූපදනා ආකාරයට රාගය ක්‍ෂය කළ බැවින් අසේසවිරාග නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

82. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය නැවත නොගන්නා ලෙස කෙලෙසුන් අතහැර දමන බැවින් වාග නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

83. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය සියලු කෙලෙස් නැවත නූපදනා ලෙස දුරු කළ බැවින් පටිනිස්සග්ග නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

84. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යය රාගය ක්‍ෂය කළ බැවින් රාගක්ඛය නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

85. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ සත්‍යයේ ද්වේෂය ක්‍ෂය කළ බැවින් දෝසක්ඛය නම් වූ නිර්වාණය අවබෝධ කොට වදාරා අන්‍යයන්ටත් අවබෝධ කරවූ බැවින් ද බුද්ධ නම් වන සේක.

මතු සම්බන්ධයි


බුද්ධ ගුණය භාවනාවට නංවන ක්‍රමය සෝ භගවා ඉතිපි බුද්ධෝ

 

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු 06 වැනි දා අඟහරුවාදා පූර්වාභාග 01.33 ට ලබයි.
07 වැනිදා බදාදා පූර්වභාග 03.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 06 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා බදාදා ය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]