UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 


වඩත්ත සරණංකර පිරිවෙනේ සසුන්ගත කිරීමේ පින්කම

පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙන මගින් දරුවන් විසි පස් දෙනෙක් සසුන් ගත වීමේ මහා පින්කම පසුගිය දා සිදු කෙරිණි. දරුවන් විසි පස් දෙනා වඩත්තේ බෝධිනන්දාරාමාධිපති හා සරණංකර පිරිවෙණාධ්‍යක්‍ෂ වඩත්තේ සෝමානන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් සසුන් ගත කෙරිණ. සසුන් ගතවීමෙන් අනතුරුව උන්වහන්සේලා තම ගුරු දේවයාණන් සමඟ ඡායාරූපයේ පෙනී සිටියහ. සාමණේර හිමිවරුන් හැට (60) නමක් පමණ සිප් සතර හදාරණ වඩත්තේ ශ්‍රී සරණංකර පිරිවෙන අඩුපාඩු රැසක් මැද පවත්වාගෙන යන බෞද්ධ විහාරස්ථානයකි. පරිත්‍යාගශීලන්ගේ සහයෝගයද අපේක්ෂා කෙරේ.
ආණමඩුව විශේෂ – ඊ.එම්. තිලකවර්ධන


සුගන්ධ කුටි වන්දනාව

පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුව කේන්ද්‍රව ඉදි වී ඇති සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගයේ ‘සුගන්ධ’ කුටිය පසුගියදා මහජනතාවගේ වන්දනාමානයට විවෘත කරන ලදී. සතියක් පුරා පැවැත් වූ සුගන්ධ කුටිය වන්දනා කිරීමේ පුණ්‍ය මහෝත්සවයට ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් සහභාගී විය.
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ මහමෙව්නා භාවනා අසපු සංවිධානය ආරම්භ කරන ලදී. 2012 ජූලි 2 දින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් “සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගය” වන්දනා මාන සඳහා විවෘත කරන ලදී. එයට සමගාමීව ස්ථාපිත කරන ලද ‘සුගන්ධ කුටිය’ වන්දනාමාන කිරීමට සැදැහැවතුන්ගේ ඉල්ලීමක් විය. සතියක් පුරා පැවති සුගන්ධ කුටිය වන්දනා මාන කිරීමේ වැඩ සටහනට මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය, දේශපාලන නායකයන්ද විවිධ වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

ඡායාරූප – එල්.පී. තිලකරත්න, පොල්ගහවෙල සමූහ

ගාල්ල බටදූව ශ්‍රී සුගතාරාමයේ දී අටවිසි බෝධි අංකුර රෝපණය කිරීමේ පුණ්‍ය උත්සවයක් පසුගිය දා පැවැත්විණි. එම විහාරාවාසී වත්තල රතනබෝධි හිමියන්ගේ සංකල්පයක් මත විහාරාධිකාරි ශාස්ත්‍රපති බටදූව ධම්මදස්සි හිමින්ගේ උපදේශක්වයෙන් සහ කච්චිවත්ත පුරාණ විහාරාධිපති උළුවිටිකේ බෝධිසීහ හිමියන්ගේ අනුශාසකත්වයෙන්, දායකත්වය දැක්වූ කුසුම් ගමගේ් මහතාද එයට සහභාගි වී සිටි අවස්ථාව.
ජයලාල් ජයවර්ධන – ගාල්ල ජායාරූප වාර්තාකරු

දෙහිවල ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය සෑම වසරක් පාසාම සිදුකෙරෙන කිරිගවයන්ට අභයදානය දීමේ මහා පින්කම් පොසොන් පෝයදින අංක 56 හිල් වීදිය දෙහිවල යන ස්ථානයේ දී පැවැත්විණි. කිරි ගවයන් 31 දෙනෙකුට අභය දානය සිදු කෙරුණේ එහි සභාපති සාමවිනිසුරු රනිල් ප්‍රනාන්දු මහතාගේ අධීක්‍ෂණයෙන් හා ව්‍යාපෘති සභාපති කනිෂ්ක වරුසවිතාරන මහතාගේ හා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහායෙනි. එම වැඩසටහන කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි අංශයේ අධිපති මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමියන්ගේ හා රන්නේ විමලසාර හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුවිය. මෙහි දැක්වෙන්නේ මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමි, සභාපති රනිල් ප්‍රනාන්දු මහතා හා කනිෂ්ක වරුසවිතාන මහතා කිරිගවයන් ගොවියන් හට භාරදුන් අවස්ථාවයි.

දෙහිවල නැදිමාල ශ්‍රී ඛේමානන්ද විහාරස්ථානයේ දී විහාරාධිපති නැදිමාලේ සුමංගල නා හිමියන්ගේ අනුශාසනා පරිදි අභයදාන පින්කමක් සිදු කැරණි. ජී. ඒ පවන්‍යා ගඟුලි දියණියගේ් පළමුවන උපන් දිනය නිමිත්තෙන් ඒ.ජී.තූපා වික්‍රම පවුලේ ඤාතීන් විසින් එම අභයදාන පින්කම සිදු කරන ලදී.
පවන්‍යා දියණියගේ් මව ආච්චි අම්මලා දෙදෙනා ඇතුළු යහළු යෙහෙළියන්ද ඡායාරූපයේ වෙති.

 
 

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු 06 වැනි දා අඟහරුවාදා පූර්වාභාග 01.33 ට ලබයි.
07 වැනිදා බදාදා පූර්වභාග 03.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 06 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා බදාදා ය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]