UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වඳුරාගොඩ ශ්‍රී ධර්මරක්ෂිත දහම් පාසල

වඳුරාගොඩ ශ්‍රී ධර්මරක්ෂිත දහම් පාසල


ආරම්භක ප්‍රධානාචාර්ය හා වත්මන් විහාරාධිපති හා පාසලේ අනුශාසක අරම ධම්මාලෝක හිමි (මැද), ප්‍රධානාචාර්ය උස්සාපිටියේ ධම්මදින්න හිමි (දකුණේ) ආචාරිනී සිල් මාතාව (වම) උප ප්‍රධානාචාර්ය ඒ.එම්.යු. නන්දලාල් මහතා ( පසු පෙළේ වම) සහ ආචාර්ය මණ්ඩලය

ප්‍රධානාචාර්ය උස්සාපිටියේ ධම්මදින්න හිමියන් සමඟ කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන්

භක්ති ගීත කණ්ඩායම

අනාගත පරපුර සදාචාරශීලිමත් පුරවැසියන් පිරිසක් බවට පත් කිරීමට දරුවන් බාල අවධියේ සිට දහමට යොමු කිරීම උදෙසා දහම්පාසල් අධ්‍යාපනය වැදගත් ය. මෙයින් අඩසිය වසර ඉක්මවා රට දැය සමය වෙනුවෙන් යහපත් වූ දැහැමි සේවාවක් 1947 සිට සිදු කරගෙන යනු ලැබේ. මාවනැල්ල වඳුරාගොඩ ශ්‍රී උපෝෂථ බෝධිරාජාරාමස්ථ ශ්‍රී ධර්මරක්ෂිත දහම් පාසල මාවනැල්ල ශාසනාරක්‍ෂක මණ්ඩල අතර මුල්තැනක් ගත් දහම් පාසලකි.

වඳුරාගොඩ ශ්‍රී උපෝෂථ බෝධිරාජාරාමාධිපති, විශ්‍රාමික ධර්මාචාර්ය අරම ධම්මාලෝක නා හිමියන්ගේ ප්‍රධානාචාර්යත්වයෙන් 1947 දී ආරම්භ කරන ලද ශ්‍රී ධම්මරක්ෂිත දහම් පාසලේ ධර්ම ශාස්ත්‍රිය දියුණුව වෙනුවෙන් සරණංකර හිමිගෙන් සිදුවූ සේවය වැදගත්ය. වත්මන් ප්‍රධානාචාර්ය වශයෙන් බැමිණිවත්ත විදුහල්පති උස්සාපිටියේ ධම්මදින්න හිමි කටයුතු කරන අතර උප ප්‍රධානාචාර්ය වශයෙන් සාමවිනිසුරු ඒ. ඇම්.යු. නන්දලාල් මහතා කටයුතු කරයි. විසිදෙනෙකුගෙන් යුත් ආචාර්ය මණ්ඩලයක් යටතේ හයසියයකට අධික දහම් පාසල් දරුවෝ ධර්ම ශාස්ත්‍රය හදාරති. සමස්ත ලංකා දහම් පාසල් භක්තිගීත තරගයෙන් තුන් වතාවක්ම ප්‍රථම ස්ථානයත් මාවනැල්ල ශාසනාරක්‍ෂක මණ්ලයේ දහම් තරගවලින් අඛණ්ඩව ස්ථාන රැසක් හිමිකරගෙන ප්‍රදේශයේ විශිෂ්ට දහම් පාසල බවට පත්වී ඇත. ධර්මාචාර්ය විභාගවලින් ද විශිෂ්ට ප්‍රතිඵල ලබා ගෙන ඇත. වාර්ෂික මිහිදු පෙරහර, වෙසක් භක්ති ගීත, හිටපු ආරක්‍ෂක ලේකම් සිරිල් රණතුංග මහතාගේ අනුග්‍රහය යටතේ වාර්ෂික වෙසක් වැඩසටහන්මාලාව සංවිධානය කිරීම, විහාරාධිපති අරම ධම්මාලෝක හිමි මෙහෙයවන විහාරස්ථ භාවනා, ආගමික වැඩසටහන මුල්කරගෙන සම්පාදනය කළ, ‘භාවනා පුහුණුව‘ ග්‍රන්ථය වෙනුවෙන් දහම් පාසලේ අනුග්‍රහය ලබාදීම වැනි ධම්ම ශාස්ත්‍රිය සේවාවක් ඉටුකර ඇත. වඳුරාගොඩ ශ්‍රී ධම්මරක්ෂිත දහම් පාසල අඩසිය වසරක් සිදුකළ සේවය ඉදිරියටත් සිදුකිරීමට ආචාර්ය මණ්ඩලයට ධෛර්යය ශක්තිය ලැබේවා යැ’යි ප්‍රාර්ථනා කරමු.

 

 

 

 

 

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු 06 වැනි දා අඟහරුවාදා පූර්වාභාග 01.33 ට ලබයි.
07 වැනිදා බදාදා පූර්වභාග 03.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 06 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා බදාදා ය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]