UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උඩුනුවර ශ්‍රී සාරානන්ද දහම් පාසල

උඩුනුවර ශ්‍රී සාරානන්ද දහම් පාසල


ප්‍රධානාචාර්ය නා හිමියන් සමග ආචාර්ය මණ්ඩලය


සාරානන්ද දහම් පාසලේ දරු දැරියන්ගෙන් කොටසක්

ගම්පල රාජධානියේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිල්ලගහමුල ග්‍රාම නිලධාරි වසමේ මහරවෙල ශ්‍රී අශෝකාරාම විහාරය පිහිටා ඇත. 1935 දී අටබාගේ ඉහළගම මහා ආනන්ද විහාරස්ථානයේ ශාඛාවක් ලෙස දොළොස්බාගේ පියසිරි තිස්සභ නා හිමියන් සහ ගම්වාසීන් විසින් ආරම්භ කරන ලදී. උඩුනුවර ශ්‍රී සාරානන්ද හිමියන්ට උපහාර පිණිස 1982 දී ශ්‍රී සාරනන්ද දහම් පාසල ආරම්භ කරන ලදී.

දෙළුන්තලාමඩ විමලඤාණ හිමියන් සහ දොළොස්බාගේ උපාලි හිමියන් විසින් දරු දැරියන් 20 දෙනකුගෙන් හා ගුරුවරු 04 දෙනකුගෙන් දහම් පාසල ආරම්භ කරන ලදී. වසර දෙකක් ගත වන විට දරු දැරියන් 200 ක් පමණ ඉගෙනුම ලැබූ අතර ආචාර්ය මණ්ඩලය 10 දෙනෙක් පමණ වූහ. පසුව රටේ තිබුණු බිහිසුණු කුරිරු යුද්ධය නිසා අඩපණ වූ දහම් පාසල දරු දැරියන් 50ක් ගුරුවරු 05 දෙනෙක් දක්වා අඩු විය. පසුව 1988 මෙම විහාරස්ථානයේ විහාරාධිපතිව පත් ප්‍රධානාචාර්ය මාවෙල අරියවංශ නා හිමියන් විසින් මෙම දහම් පාසල පළාතේ ආදර්ශවත් දහම් පාසලක් බවට පත් කරන ලදී. මේ වන විට දරු දැරියෝ 150 ක් සහ ගුරුවරු 15 ක් පමණ මෙහි සේවය කරති. පළාත් කොට්ඨාස දිස්ත්‍රික්ක තරග රැසකින් දහම් පාසලේ දරු දැරියන් සුවිශේෂී ජයග්‍රහණ ලබා ගෙන ඇත.

පත පොතට පමණක් සීමා නොකර විවිධ ක්‍රියාකාරකම් වලට දරු දැරියන් යොදවමින් අනාගතයේ දැහැමි සමාජයක් රටට බිහිකිරීමට මෙම නා හිමියන් සහ ආචාර්ය මණ්ඩලය පියවර ගෙන ඇත. සෑම පුර පසළොස්වක පෝය දිනකම භාවනා ශීල වැඩසටහන් ශ්‍රමදාන විවිධ ආගමික වැඩසටහන් පවත්වමින් දරු දැරියන් යහමඟට ගැනීමේ උත්සාහය බෙහෙවින්ම අගැයිය යුතු ය.

 

 

 

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු 06 වැනි දා අඟහරුවාදා පූර්වාභාග 01.33 ට ලබයි.
07 වැනිදා බදාදා පූර්වභාග 03.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 06 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා බදාදා ය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]