Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අඟුරුවාතොට, යාල එක්සත් ත්‍රිරෝද රථ සංගමයේ භාණ්ඩාගාරික 2/215 සණස බැංකුව පාර, කුඩැල්ල පදිංචි බී.ජී. සේනක මහතා දරුණු වකුගඩු ආබාධයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටී. එම රෝගී තත්වයෙන් සුවය ලැබීමටය නම් ඉතා ඉක්මනින් O පොසිටිව් වර්ගයේ හෝ O නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ආර්.ඩී. ලැනරෝල් මහතා නිර්දේශ කර ඇතැයි කියති.

මේ සම්බන්ධයෙන් කළ හැකි උපකාරයක් වේ නම් දුරකථන අංක 0724261587 , 0714714720 හෝ 0342251554 අංකවලට දැනුම් දෙන මෙන්ද සියලු පරිත්‍යාගයන් බී.ජී. සේනක නමින් හොරණ ලංකා බැංකුවේ විවෘත කර ඇති අංක 795302 දරන ගිණුමට බැර කරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටී.


කඳාන, බටගම දකුණු, අංක 01 හි පදිංචි කේ.ඒ.ඩී. මාජි ජොසි ටෙක්ලා මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට වහාම වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරුන්ගේ නිගමනයයි. ඒ සඳහා “බී හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් (අවු. 25 – 50 අතර) පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියෙකුගේ සහය පතයි. වැඩිවිස්තර දුරකථන අංක 071 7678447 දැනගත හැකියි.