UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගෙලිඔය ශ්‍රී සුචරිත වර්ධන දහම් පාසල

ගෙලිඔය ශ්‍රී සුචරිත වර්ධන දහම් පාසල


විහාරාධිපති හිමියන් සමඟ ආචාර්ය මණ්ඩලය

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගෙලිඔය කරමඩ ශ්‍රී වේළුවනාරාම විහාරස්ථානයේ පිහිටි ශ්‍රී සුචරිත වර්ධන දහම් පාසල 1938 වසරේ දී ආරම්භ කර ඇත.

දැහැමි සමාජයක් ආගමික පරපුරක් බිහිකිරීම පෙරටු කොට ගෙන ආරම්භ කර ඇති මෙම දහම් පාසල අද වන විට උඩුනුවර ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සුවිශේෂී දහම් පාසලකි. එහි සිසු සිසුවියෝ 350ක් පමණ අධ්‍යාපනය ලබති.

එයට අමතරව මෙම විහාරස්ථානයේ දහම්පාසල සමඟ පවත්වාගෙන යන ‘ජනපුබුදු’ පෙර පාසල පාලිකාවන් 05 දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි දරුදැරියන් 80ක් පමණ මූලික අධ්‍යාපනය ලබති.

ශ්‍රී සද්ධාතිස්ස විද්‍යා පිරිවෙන සමඟ ආරම්භ කර ඇති අධ්‍යාපන ආයතනයක් වන්නේ කරමඩ අරියතිස්ස භිධාන කාර්මික විද්‍යාලයයි. එහි ගිහි පැවිදි සියලු දෙනාට අධ්‍යාපනය උදෙසා විශාල සේවාවන් රැසක් ඉටු කරති. ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන්හට මෙය ඉමහත් සම්පතකි.

මෙම අධ්‍යාපනික ආයතනය මෙන්ම විහාරස්ථානයත්, දහම් පාසලත් ගෙලිඔය, කරමඩ, කුඩාපිලිගම, කොස්හින්න, කඹුරාදෙණිය, පිටවල වත්ත, වැත්තෑව වත්ත වැනි ගම්මානවල සිටින කුඩා දරුවා ගේ සිට තරුණ තරුණියන්, සහ වැඩිහිටියන්ට මහඟු සම්පතකි.



දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් කොටසක්

 

 

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූලි මස 07 වැනිදා ඉරිදා පූර්ව භාග 10.20 ට ලබයි. 08 වැනිදා සඳුදා අපරභාග 12.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 07 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
ජූලි 16 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]