Print this Article


සිංහපිටිය ගල්ලේනාරාම භික්‍ෂු ආරාම දහම් පියස

සිංහපිටිය ගල්ලේනාරාම භික්‍ෂු ආරාම දහම් පියස


ගම්පල සංඝමිත්තා දසසිල් මාතාව සමඟ ආචාර්ය මණ්ඩලය

නාවලපිටිය ගඟ ඉහළ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩපළාත ශාසනාරක්‍ෂක බල මණ්ඩලය තුළ පිහිටි එකම ඉංගී‍්‍රසි දහම් පාසල සිංහපිටිය ගල්ලේනාරාම භික්‍ෂු ආරාමයයි.

2012 මාර්තු 10 වන දින ආරම්භ කර ඇති සිංහපිටිය ගල්ලේනාරාම ආරාමය දහම් ගඟුලක් මෙන්ම භාවනා නිකේතනයක් බවට පත් විය. මෙම ආරාමයේ විහාරාධිපතිනිය ලෙස ගම්පල සංඝමිත්තා දසසිල් මාතාව වැඩ වාසය කරති.

සිසු සිසුවියන් 150 කින් ආරම්භ කළ මෙම දහම් පාසල පවත්වන්නේ සෙනසුරාදා දිනවලදී පමණය. මෙහි ඉගැන්වීම් කටයුතු කරනු ලබන්නේ ඉංගී‍්‍රසි සහ සිංහල මාධ්‍ය දෙකෙන්ම ය. සිංහල මාධ්‍යයෙන් එක වසරේ සිට පහ වසර දක්වාත් එතැන් සිට ඉහළ පන්ති දක්වා ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදෙන අතර ඉංගී‍්‍රසි පුහුණු විශ්‍රාමික ගුරුවරු මෙයට සම්බන්ධ කර ඇත.



දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් කොටසක්

මෙම දහම් පාසල පවත්වාගෙන යෑමට සියලුම භෞතික සම්පත් ගොඩනැඟිලි ලබාදීමට කටයුතු කරන්නේ බෞද්ධ මාර්ගෝපදේශක දයාසිරි දිසානායක මහතා ය.

විදුහල්පතිවරයා ලෙස විශ්‍රාමලත් විදුහල්පති එච්.බී. නවරත්න මහතා සේවය කරන අතර මෙහි ආචාර්ය මණ්ඩලය 10 දෙනෙකුගෙන් සමන්විතය.