Print this Article


අමරපුර සිරිසුමන නිකායේ උපසම්පදා විනය කර්මය ජූලි 11, 12, 13

අමරපුර සිරිසුමන නිකායේ උපසම්පදා විනය කර්මය ජූලි 11, 12, 13

දඩලුපරම්පරායත්ත අමරපුර සිරිසුමන මහා නිකායේ සිරිසුමන සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය ජූලි මස 11, 12, 13 දිනයන්හි දඩලු පරම්පරායත්ත අමරපුර සිරිසුමන මහා නිකායේ මහානායක ශාස්ත්‍ර විශාරද පණ්ඩිත මහෝපාධ්‍යාය මාතර විමලරතන මහා නා හිමි, ආචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල වැඩබලන මහා නා හිමි, ශාස්ත්‍රවේදී පණ්ඩිත රජ්ගම තිලකසිරි අනු නා හිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරස්ථ ශ්‍රී පියදස්සී නා හිමි උපෝසථාගාරයේ දී පැවැත්වේ.

උපසම්පදා අපේක්‍ෂක අයදුම්පත් මේ මස 31 දිනට පළමුව නිකායේ මහාලේඛකාධිකාරී ශාස්ත්‍රවේදී පණ්ඩිත රජ්ගම තිලකසිරි අනු නායක හිමියන් වෙත යොමු කළ යුතු බව නිවේදනය කර ඇත. උපසම්පදාපේක්‍ෂක පෙර පුහුණු වැඩසටහන ජූලි 11 – 12 දෙදින උපසම්පදා අපේක්‍ෂක ලිඛිත සහ වාචික පරීක්‍ෂණය පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානයේ දී පැවැත්වෙන බව මහාලේඛකාධිකාරී අනු නාහිමියෝ නිවේදනය කර ඇත. උපසම්පදා අපේක්‍ෂක හිමිවරුන් ජූලි 11 දින ප.ව. 6.00 ට ශ්‍රී දෙව්රම් විහාරයට වැඩමවන මෙන්ද නිවේදනය කර ඇත.