Print this Article


උඩුවැල්ල සිරි විමලධම්ම දහම් පාසල

උඩුවැල්ල සිරි විමලධම්ම දහම් පාසල


ප්‍රධානාචාර්ය හිමියන් සමඟ ආචාර්ය මණ්ඩලය

මහනුවර දිස්ත්‍රික්කයේ හා කෑගල්ල දිස්ත්‍රික්කයේ මායිමේ ඓතිහාසික අසුපිණිඇල්ල හා රක්ෂාව කඳු පාමුල ආසන්නයේ උඩුවැල්ල ගම්මානයෙහි ශ්‍රී ජිනේන්දාරාම විහාරස්ථානය පිහිටා ඇත.



දහම් පාසල් සිසු සිසුවියන්ගෙන් කොටසක්

සාරානන්ද වංශාව තංස උඩුවේවල විමලධර්ම නා හිමියන් විසින් තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම විහාරස්ථානය දියුණු කිරීමට පියවර ගන්නා ලදී. එහි එක් පියවරක් ලෙස 1960 දී සිරි විමලධම්ම දහම් පාසල ආරම්භ කර ඇත. එතැන් පටන් දියුණුවට පත්වූ මෙම දහම් පාසල උඩුවැල්ල අසුපිණිඇල්ල සුහදගම කොලණිය අවට ගම්මානවල දරුදැරියන්ගේ ආගමික තෝතැන්නක් වී ඇත.

හෑපාන මෙත්තානන්ද හිමියන් සහ උඩුවැල්ල විද්‍යාලයේ විදුහල්පතිව සිටි එන්.පී. සේතුංගනුවර මහතා මෙම දහම් පාසල දියුණුව කරා ගෙන ඇති පියවර විශිෂ්ටය. විවිධ දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන යන මෙම දහම් පාසලෙහි අද වන විට දරු දැරියෝ 150 ක් පමණ අධ්‍යාපනය ලබති. දැනට විහාරාධිකාරි ලෙස කටයුතු කරන උඩුවේවල අරියධම්ම හිමියෝ මෙහි ප්‍රධාන ආචාර්ය ධුරය දරමින් දරුවන්ගේ ගුණ නුවණ වර්ධනයට ඇප කැප වී සිටිති.

විවිධ වැඩසටහන් පවත්වමින් ආගමික හැදියාවක් ඇති පරපුරක් රටට බිහිකිරීමට ආචාර්ය මණ්ඩලයේ නොමඳ කැපවීමද බෙහෙවින්ම ඇගයිය යුතුය.