UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොසොන් පෝදා පින්කම්

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය

මහාවිහාර පුන් පොහොය වැඩසටහන පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6. 00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේදී පැවැත්වේ.

එදින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන්වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ.

ජුනි මස 24 වෙනිදා, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේදී භාවනා වැඩසටහනක් මහාවිහාර සන්නිපාත ශාලාවේ දී එදින පෙරවරු 8. 00 සිට පෙරවරු 10. 00 තෙක් පැවැත්වේ. වැඩසටහන මෙහෙයවනු ලබන්නේ රෝහිත විජයතිලක මහතා විසිනි.


බම්බලපිටිය සිරිවජිරාරාමය

පෙරවරු 6.00 – 7.15 - සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ කිරිපිඬු දානය- මීගොඩ සුඛිත හිමි, 8.00 – 9.00 – ධර්මානුශාසනාව - රාජකීය පණ්ඩිත රණස්ගල්ලේ ඤාණවීර හිමි, 9.00 – 9. 45 – ජාතක කථා පොතෙන් – පිටිපන සාසනරතන හිමි, 9. 45 – 11. 00 – භාවනාව සහ අනුශාසනාව-ගම්පහ පාසාදික හිමි, 11. 00 – 11. 15 – බුද්ධ පූජාව - පැරකුම්පුර විසාරද හිමි, පස්වරු 12. 30 – 1. 15 - සෙත් පිරිත් සහ තෙරුවන් ගුණ සජ්ඣායනය – කඹුරුගමුවේ මහානාග හිමි, 1. 15 – 2. 45 – ධර්ම සාකච්ඡාව කර්මස්ථානාචාර්ය දියසෙන්පුර විමල හිමි, 3.00 – 4. 00 – ධර්මානුශාසනාව - දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, 4. 00 – 5.00 – ගිහි දේශනාව - මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා, 5. 00 – 6. 00 – ධර්මදේශනය රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද අනු නා හිමි, 6. 00 – 6. 30 – අටවිසි බුද්ධ පූජාව සහ සිල් අලුත් කිරීම සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථ ශීල සමාදානය ශ්‍රී ජයශේඛරාරාමාධිකාරී ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 9.15 – 10.15 ට ධර්ම දේශනය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත දෙනගම සුධම්ම හිමි, 10.30 – 11.00 දහවල් සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15 – 12.30 ට භාවනාව, විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය, 2.15 – 3.15 ට ධර්මදේශනය, රාජකීය පණ්ඩිත වදවල පඤ්ඤාසිරි හිමි, 3.30 – 4.30 දක්වා භාවනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ට ධර්ම දේශනය ගැට්ටුවානේ සුමේධ හිමි, 6.45 – 7.45 දක්වා සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව 8.00 – 9.00 ට රාත්‍රි ධර්ම දේශනය (පටිගත කරන ලද)


රද්දොළුගම ශ්‍රී බෝධිමළුව

රද්දොළුගම ශ්‍රී බෝධිමළුවේදී පෝදා දවසපුරා ආගමික වතාවත් සිදුකෙරෙන අතර ඊට සීල, භවනා, ධර්ම දේශනා ආදියද ධාතු ප්‍රදර්ශන පින්කමක් ද ඇතුළත් වේ. රද්දොළුගම බෞද්ධ සංගමය මඟින් එම පින්කම් සංගමය සංවිධානය කර ඇත.


මොරටුව ශ්‍රී ගංඟාරාමය

අලුයම 5. 00 - ඝන්ඨා නාද කිරීම සහ සෙත් පිරිත් දේශනාව, පෙරවරු 6. 00 - සිල් සමාදන් කරවීම සහ තෙරුවන් නැමදීම විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමි, 8. 30 – රූපවාහිනී ධර්ම දේශනාව, 10. 00 – භාවනා වැඩසටහන මහියංගනයේ විශාකා ධම්ම ශීලා මෙහෙණිය, පස්වරු 1. 00 – විශේෂ ධර්ම සාකච්ඡාව අත්තිඩියේ නිහාල් පෙරේරා මහතා, 3. 00 – ධර්ම දේශනාව කළුබෝවිල පදුම හිමි, 4. 00 – භාවනා වැඩසටහන ඉංගිරියේ සුධම්ම හිමි, 6. 00 – බෝධි පූජාව.


සංඝමිත්තාරාමය තලවතුගොඩ

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයේ දී පෝදා අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂිරපායාස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ද පෙරවරු 8.00 සිට 9.30 දක්වා පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් වහන්සේ මෙහෙයවන ධර්මදේශනාව, 10.00 – 11.00 දක්වා අතුරුගිරිය පොරේ මිගදාය බෞද්ධ මධ්‍යස්ථානාධිපති මොරවක ශාන්ත හිමි ධර්ම දේශනාව පස්වරු 12.30 සිට 1.00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනාව 1.00 – 2.00 පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසි දාස්වත්තේ සුමනසීල හිමිගේ ධර්ම දේශනාව 2.15 සිට 5.00 දක්වා පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන්ගේ භාවනාව තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල්පවාරණය සිදුකෙරේ. සවස 6.00 ට මල් පහන් ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් විසින් පවත්වනු ලබයි.


සපුගස්තැන්න ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය

ශාස්ත්‍රවේදී යටවක සුමනහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන වැඩසටහන් විස්තරය මෙසේ ය. පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව, 8.00 – 9.00 ධර්ම දේශනය, 10.30 – 11.00 බුද්ධ පූජාව, 1.30 – 3.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී විල්ගමුවේ බුද්ධ රක්‍ඛිත හිමි, 3.00 – 4.00 භාවනා නිකහැටිකන්ද විහාරාධිපති දනගිරියේ විමලානන්ද හිමි, 6.00 – 7.30 මල් පූජාව බුද්ධ බෝධි පූජාව මාහල්ඔලුවේ සුදස්සි හිමි, 8.00 – 9.00 ධර්මදේශනය පහළ දන්නොරුවේ සමිත හිමි, පූර්ණ අනුශාසකත්වය ශාස්ත්‍රවේදී යටවක සුමන හිමි.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී පොසොන් පෝදා දවස පුරා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

උදෑසන අටසිල් සමාදන් කරවීම මල්පහන් කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ. භාවනා වැඩසටහන චෛත්‍යමළුවේ පැවැත්වේ. උදේ ධර්මදේශනාව කතරගම කිරිවෙහෙර රාජමහා විහාරවාසී කොබවක දම්මින්ද හිමි විසින් අටවිසි බෝමළුවේ දී පැවැත් වේ.

සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට පැමිණ බෝධීන් වහන්සේ සුවඳ පැණින් නහවා මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව බෝධි පූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජ මහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් සිදුකරනු ලැබේ.

රාත්‍රි 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමළුවේදී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධි පූජාවක් ද කිරිවෙහෙර 3 වන මලුවේ පහන් දෙදහසක (2000) ආලෝක පූජාවක් ද පැවැත්වේ. කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක මහතා හා විහාරස්ථ දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව විනයාචාර්ය හිඟුරක්ගොඩ විභාවි මාහිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්මදේශනාව අපරැක්කේ සුධිරරතන හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය අනුශසානව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ කුමාරතැන්නේ චන්දානන්ද හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 වෙසෙසි දෙසුම අනගාරික ධර්මසේකරතුමා, 3.00 – 4.00 ධර්ම දේශනාව වැල්ලම්පිටියේ විනයවංස හිමි, 4.30 – 5.30 මඩිහේ මහානායක ස්වාමීන්ද්‍ර ගුණ සමරු දෙසුම වටරප්පල බෞද්ධායතනාධිපති ශාස්ත්‍රවේදී දිවියාගහ යසස්සි නාහිමි, 5.30 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, මකුලේමඩ සිරිනන්ද හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්මදේශනාව පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්ය දර්ශනපති මඩිහේ සුගත සිරි නාහිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11.00- 11.15 බුද්ධ පූජාව බංගලිදේශයේ සද්ධානන්ද හිමි, ඕපනායක ධම්මවිරාග හිමි, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි බලංගොඩ ධම්මරක්ඛිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පනනඩුවේ යසස්සි හිමි, 3.00 – 4.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 4.30 – 5.30 විශේෂ දේශනය (මඩිහේ මහානාහිමි චින්තනය) ශාස්ත්‍රපති දිවියාගහ යසස්හි නාහිමි, 5.30 – 6.30 බෝධිපූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


තෙලවල – විජයරූපාරාම ධර්‍මායතනය

පෙරවරු 5. 30 – කිරිපිඬු දානය සහිත පෙරහර, 6. 30 – 7. 30 උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් කරවීම, කෙටි අනුශාසනාව සහ මෛත්‍රී භාවනාව සිදු කිරීම ධර්මායතනාධිපති නාහිමි, 7.30 – 8.00, ප්‍රත්‍යාවේක්‍ෂාව හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 8.00 – 9. 00 – භාවනා වැඩසටහන වඳුරඹ ඤාණාලෝක හිමි, 9.00 – 10.00 – ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ගතාරේ සන්තින්ද්‍රිය හිමි, 10. 00 – 10. 45 – භාවනාව වදුරඹ ඤාණාලෝක හිමි, 10. 45 – 11. 00 දවල් සම්බුද්ධ පූජාව දම්පහළ ඤාණසුධීර හිමි, පස්වරු 12. 30 – 2.00 – ධර්ම සාකච්ඡාව - ආචාර්ය ප්‍රීති කුලතුංග මැතිතුමා, 2. 00 – 3. 00 – ජාතක කතා දේශනාව ශාස්ත්‍රපති, නිමල් අමරවංශ මහතා, 3. 00 – 4. 00 – කාව්‍යමය ධර්මදේශනාව හඟුරන්කෙත ඤාණින් ද පොඩි හාමුදුරුවන්, 4. 00 – 5. 00 – මහ පිරිත් දේශනාව සහිත මහා සමය සූත්‍ර දේශනාව ධර්මායතනයේ ස්වාමීන් වහන්සේලා විසින්, 5. 00 ට – පුණ්‍යානුමෝඳනාව දම්පහළ ඤාණසුධීර හිමි, 6. 30 ට – අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ ගිලන්පස බෝධි පූජාව සිදු කිරීම ධර්මායතනාධිපති නාහිමි, මෙදින පෙරවරු 8. 00 – බුදුසරණ පත්‍ර බෙදා දීම - මොරටුව, ලුනාව පදිංචි කේ. හැරිසන් ප්‍රනාන්දු මහතා ප්‍රධාන පවුලේ සැම.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

පෙරවරු 6.30 උපෝසථ ශීල සමාදානය, සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමි, 8.15 ධර්ම දේශනය හටංගල අමරවංශ හිමි, 10.00 කාව්‍යමය ධර්ම දේශනය, රන්සැගොඩ සුමිත්ත හිමි, 11.30 දහවල සම්බුද්ධ පූජාව රම්මලේ අරියවිසුද්ධි හිමි, පස්වරු 12.45 තෙරුවන් ගුණ සහ පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසි ස්වාමීන් වහන්සේලා සමඟ සිල් පිරිස, 2.00 ධර්ම දේශනය කොට්ටාවේ ඥානින්ද හිමි, 3.00 ධර්ම දේශනය රම්මලේ අරියවිසුද්ධි හිමි, 4.00 ධර්ම දේශනය කොහොලංකල කෝවිද හිමි, රාත්‍රී 7.00 විශේෂ ගිලන්පස මල් පහන් පූජා බුද්ධ වන්දනාව සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නා හිමි ප්‍රධාන ධර්මායතනවාසී මහා සංඝයා වහන්සේලා. මෙදින බුදුසරණ පුවත්පත ධර්ම දානය වශයෙන් බෙදා දීමෙන් දායකත්වය දරනු ලබන්නේ ශීලා අබේසිංහ, වයලට් රාජපක්‍ෂ, ටිරානි ඉන්දිකා, චන්ද්‍රානි බණ්ඩාර, ප්‍රේමවතී ඇලෝසියස්, එච්.ඩී.චන්ද්‍රිකා සහ ඥානවතී අබේසිංහ මහත්මීන් විසිනි.


ශ්‍රී සම්බෝධි විහාරය

කොළඹ 07 ග්‍රෙගරි පාරේ ශ්‍රී සම්බෝධි විහාරයේ පොහෝදා වැඩසටහන් විස්තර මෙසේ ය.

අලුයම 5.30 ට කිරි ආහාර පූජාව සමගින් බෞද්ධයා විකාශය ආරම්භ වීම. පෙරවරු 5.30 – 6.00 කිරි ආහාර පූජාව දික්වැල්ලේ උපතිස්ස නා හිමි, 6.00 – 7.15 සීල සමාදාන, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව 8.00 – 9.00 ධර්ම දේශනාව දික්වැල්ලේ උපතිස්ස නාහිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව වැලමිටියාවේ සීලරතන නාහිමි, 11.00 – 11.30 ව්‍යංජන තිස් දෙකක් සහිත සම්බුදු පූජාව ශ්‍රී සම්බෝධි විහාරවාසී අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 ධම්සභා මණ්ඩපය මහාචාර්ය චන්දිම විජයබණ්ඩාර, ආචාර්ය දයා අමරසේකර මහත්වරු, මෙහෙයවීම නීතීඥ ශෂික ජයතිලක මහතා, 2.00 – 3.00 භාවනව- කහගොල්ලේ සෝමවංශ හිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව වල්පොල ගෝතම හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව මීගමුවේ සුමේධතිස්ස හිමි, 5.30 – 6.00 සත්බුදු වන්දනාව හාපිටිගම විජිත හිමි.


බෙල්ලන්විල රජමහා විහාරය

පෙරවරු 6.00 ට සිල් සමාදන්වීම හා තෙරුවන් වන්දනාව, 7.00 බුද්ධ පූජාව- 8.30 ධර්ම දේශනාව - රාජකීය පණ්ඩිත බලංගොඩ සෝභිත නා හිමි, 10.00 භාවනා- තලාවේගම සද්ධාතිලක හිමි, පස්වරු 1.30 ජාතක ධර්ම දේශනාව- කරගහවල චන්ද්‍රානන්ද හිමි, 3.00 ධර්ම සාකච්ඡාව - බෙල්ලන්විල විමලරතන අනු නාහිමි, ජී. ආරියපාල පෙරේරා හා ශාස්ත්‍රපති ජී. වීරතුංග මහත්වරු, 4.00 ධර්ම දේශනාව - වල්හපුතැන්නේ නන්දසුමන හිමි, 7.30 ධර්ම දේශනාව - අතපත්තුකන්දේ ආනන්ද හිමි.


සුඟන්ධි කුටි වන්දනාව

පොල්ගහවෙල මහමෙවුනා භාවනා මූලස්ථානයේ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගය තුළ සඳුන් දැවයෙන් සකසා සොඳුරු මාණික්ඛයන් ඔබ්බවා තථාගතයන් වහන්සේගේ සහ මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේ තැන්පත් රන් කරඬුව සහිත වැඩහිඳින මාලිගය වන්දනා කරගැනීමට ජූලි මස 15 සිට 22 දක්වා උදෑසන 6 සිට රාත්‍රී 10 දක්වා විවෘත තැබේ.


කළුතර බෝධිය

පෙරවරු 6.00 - 7.00 දක්වා සිල් සමාදන් කරවීම තෙරුවන් වන්දනාව - ගැටඅරළුවේ විපුලධම්ම හිමි, 8.00- 9.00 භාවනාව ධර්ම දේශනාව තපෝවනයේ සුමේධ හිමි, 10.00- 12. 00 භාවනාව සහ ධර්ම දේශනය - මාරඹේ කුසලධම්ම හිමි, 11. 15 ගවයන් නිදහස් වීම අනුශාසනාව පලාතොට පඤ්ඤානන්ද හිමි, පස්වරු - 1.00 - 3.30 ධර්ම දේශනය - මිල්ලෑවේ මහින්ද හිමි, 3.45 -4.15 ධර්ම දේශනව - මොරකැටියආරේ ධම්මික හිමි, 4.30 - 5.30 -ධර්ම දේශනය - අක්මීමන ධර්මපාල හිමි.


අනුරාධපුර ශ්‍රී නාගරාජමහා විහාරයේ දර්ශනීය පොසොන් තොරණක්

අනුරාධපුර ශ්‍රාවස්තිපුර 5 ඇල ශ්‍රී නාගරාජමහා විහාරයේදී මෙම පොසොන් පෝදා ආගමික වතාවත් සිදු කෙරෙන අතර පොසොන් පෝදා සිට 26 වනදා ලක්වා දර්ශනීය තොරණක් ද ප්‍රදර්ශනය කෙරේ.

ශ්‍රී නාගරාමහා විහාරාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ් අනුශාසනා පරිදි එම පින්කම් මාලාව පැවැත් වේ.

වසරකට 38 කාලයක් පුරා අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන්වහන්සේ මසකට වරක් වන්දනා කරන වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන් වෙත ශ්‍රී නාගරාජ මහා විහාරය ඉසුරුමුණි රජමහා විහාරය මඟින් පූජා ඔප්පුවකින් පිරිනමා ඇත.

ලංකා ශිලා ලේඛන සංග්‍රහයේ සඳහන් වන ‘රත්මලේ ගිරි ලිපිය’ පිහිටා ඇති ශ්‍රී නාගරාජ මහා විහාරය මහාදාඨික මහානාග රජතුමා විසින් ඉදිකරන ලද්දකි.

කුසලධම්ම නා හිමියන් විහාරාධිපති ධූරයට පත්වීමෙන් පසු දෙමහල් සංඝාවාසය, ධර්ම ශාලාව සහිත විශ්‍රාම ශාලාව ආදී විහාරාංග ඉදිකරවා ඇති අතර අනුරාධපුර කුරුණෑගල පාරේ ශ්‍රී නාගරාජමහා විහාරය පිහිටා ඇත.

එම විහාරස්ථානයේ ඉදිකර ඇති තොරණ අඩි 60 ක උසකින් සමන්විත වන අතර විදුලි බල්බ 30000 කින් සමන්විත වේ. එම තොරණින් ධර්මාශෝක රජතුමාගේ් ජීවන චරිතය පිළිඹිබු කෙරේ.


වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය අනුශාසනාව හා භාවනාව මෙහෙයවීම ගෞරව ශාස්ත්‍රපති මහරගම මහින්ද නාහිමි, 8.00 - 9.00 ධර්මදේශනාව බම්බලපිටියේ වජිරාරාමවාසී මීගොඩ සුඛිත හිමි, 9.00 – 10.00 කොළඹ අරලියගහ මන්දිරයේ සිට විකාශනය වන ධර්මදේශනාව 10.00 – 11.00 ආරාධිත දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජෙෂ්ඨ කථිකාචාර්ය හඩ්සන් සිල්වා මැතිතුමා, පස්වරු 12.00 – 1.00 පිරිත් දේශනාව 1.00 – 2.00 භාවනාව ධර්මාචාර්ය ශාන්ත ජෝතිවංස මහතා 3.00 – 4.00 ධර්මදේශනාව කෝට්ටේ ජයවර්ධනාරාමාධිපති දේවහන්දියේ පඤ්ඤාසේකර නාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව මුවපැටිකේවල පඤ්ඤාලෝක නාහිමි, 5.30 – 6.00 බුද්ධ පූජාව ගෞරව ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි.


දෙහිවල සිරි දුමින්දාරාමය

දෙහිවල සිරි දුමින්දාරාම නව පොළොන්නරු ගල්විහාරස්ථානය සංවිධානය කරන ‘අමා දිය දහර’ ධර්ම දේශනා මාලාව මෙවරත් ශාස්ත්‍රපති හැව්ඕවිට ගුණානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි ජූනි 16 සිට 23 වෙනිදා දක්වා පැවැත්වේ. සෑම දිනකම සවස 6.00 ට බෝධි පූජාවත් සවස 7.00 ට ධර්ම දේශනාවත් පැවැත්වෙයි. ජූනි මස 16 අගලකඩ සිරිසුමන හිමි, 17 දින දොඩංගොඩ අස්සජි හිමි, 18 දින පාතේගම සුමනරතන හිමි, 19 දින ඉඳුරාගාරේ ධම්මරතන හිමි, 20 දින බොරැල්ලේ අතුල හිමි, 21 දින ගලිගමුවේ ඥානාධීප හිමි, 22 දින වැලිමඩ පසන්නමානස හිමි, 23 දින පොල්පිති මූකලානේ පඤ්ඤාසිරි හිමි.


සුල්තානාගොඩ

සුල්තානාගොඩ ශ්‍රී රාමගිරි පුරාණ විහාරස්ථානය් වාර්ෂිකව පවත්වනු ලබන පොසොන් උත්සවය 6 වැනි වරටත් පසළොස්වක පෝදා සිට ජුනි 27 දින දක්වා සිදු කැරේ.

පෝදා උදේ 6.30 සීල සමාදානය හා බුද්ධ වන්දනාව, 8.30 ධර්ම දේශනාව - ආචාර්ය කනත්තේගොඩ සද්ධාරතන මා හිමි, පස්වරු 2.00 - භාවනාව- බමුණුගම සිද්ධත්ත මා හිමි, 3.30 ධර්ම දේශනාව - ශාස්ත්‍රවේදී දෙනිපිටියේ අරියසිරි මා හිමි, රාත්‍රී 8.30 - බෝධී පූජාව - ශාස්ත්‍රපති බදුල්ලේ සුනෙත්ත මා හිමි.


කඳුබොඩ පොසොන් කලාපය

කැලුම් තුෂාර විජයලත් පදනම හා කඳුබොඩ තරුණ කැළ සංවිධානය කරන පොසොන් කලාපය 23, 24, 25 යන දිනයන්හි දී කඳුබොඩ ප්‍රදේශයේදී පැවැත්වේ.


සැදැහැ ගී

පේරාදෙණිය ගන්නෝරුව රජමහ විහාරය

පේරාදෙණිය ගන්නෝරුව රජමහ විහාර සුබසෙත දහම්පාසල මඟින් පෝය දින සවස හතරට සැදැහැ ගී වැඩසටහනක්, විහාරාධිපති, යටිනුවර උපප්‍රධාන අධිකරණ සංඝනායක අඹන්පොල සුමංගල නාහිමි අනුශාසනා පරිදි ඉදිරිපත් කෙරේ.

මහනුවර අස්ගිරිය මහා විහාරය

මහනුවර අස්ගිරිය මහා විහාර ශ්‍රී සුමනතිස්ස දහම් පාසලේ ශිෂ්‍යයින් ජූනි 23 මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහල් ශාලාවේ දී සැදැහැ ගී වැඩසටහනක් ඉදිරිපත් කෙරේ. අස්ගිරි මහා විහාර පරිවෙණාධිපති අස්ගිරි මහා විහාර සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි වැඩසටහන සංවිධානය කෙරේ.


පොත්ගුල් විහාරයේ පෝදා වැඩසටහන

මහනුවර ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරයේ පොසොන් පෝදා ආගමික වැඩසටහන විහාරාධිපති යටිනුවර ශ්‍රී සුමන නාහිමිගේ මෙහෙයවීමෙන් දවස පුරා පැවැත්වේ. දිවුලන්කඩවල සීලානන්ද, දුල්වල රතනසාර යන හිමිවරු මෙහෙයවන වැඩසටහන් මාලාවකි.


රුවන්වැල්ල පොසොන් පහන් කූඩුව

රුවන්වැල්ල ගල්පාත ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානය තෙවැනි වරටත් ඉදිරිපත් කරන අලංකාර පොසොන් කූඩුව මෙම මස 23 වැනිදා සිට 30 වැනිදා දක්වා විහාරස්ථානයේදී පැවැත්වේ.


සෝමවතිය පින්කම පොසොන් පෝදා

ඓතිහාසික සෝමවතිය චෛත්‍යරාජාණන්ට චූඩාමාණික්‍ය පළඳවන ලද දිනය සමරමින් සැම වරකම සෝමවතිය චෛත්‍ය වෙනුවෙන් සිදුකරන ආගමික වැඩසටහන් මාලාව අනුව මෙම පොසොන් පෝයදින දානමය පින්කම, මහනුවර කටුකැලේ ආරාමාධිපතිනි කොත්මලේ සුධම්මා සිල්මෑණියන්ගේ මූලිකත්වයෙන් සිදුකෙරේ.

මෙම ආගමික අවස්ථාවට සෝමවතිය රජමහ විහාරාධිපති මල්වතු මහා විහාරයීය කාරක සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පණ්ඩිත පහමුණේ සුමංගල නා හිමි ප්‍රධාන මහා සංඝරත්නය සහභාගි වෙති.


ගිරිභණ්ඩ පූජාවක්

අසදෘශ මහා ගිරිභණ්ඩ පූජාව රජයට, ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට, පොලිස් නිලධාරීන්ට හා සැමට ආශිර්වාද පතා ජූලි මස 06 වන දා උඩුබද්දාව, බුන්නැහැපොල ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයේ දී පැවැත්වේ. අටපිරිකර 2600 ක් ග්‍රහ අපල දුරුවීම සඳහා ගිතෙල් පහන් 10, 000ක් දල්වා සිදු කරන අධිෂ්ඨාන පූජාව, පාසල් සිසුන් සඳහා කරන ආශිර්වාද පූජාව මහා කප් රුක් පූජාව ද වේ.


බෝධි පූජා පින්කමක්

බෝධි පූජා පින්කමක් සහ වැඩිහිටි අක්‍ෂි සහ වෛද්‍ය සායනයක් නුගේගොඩ කන්දවත්තේ ශ්‍රී විජයවර්ධනාරාම මහ විහාරස්ථානයේ දී පොසොන් පොහෝදින පැවැත්වෙයි. එදින උදේ 6.00 සිට සිල් සමාදන් වීම, ධර්මදේශනා සහ භාවනා වැඩසටහන් ද 9.30 සිට ගෙල්ප් එජ් ශ්‍රී ලංකා ආයතනය මඟින් පවත්වනු ලබන වැඩිහිටි අක්‍ෂි සහ වෛද්‍ය සායනයද, රාත්‍රි 6.30 ට බුද්ධ පූජාව සහිත මහ බෝධි පූජාව ද පැවැත්වේ. වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ ආරච්චිකුඹුරේ සෝරත හිමියන් විසිනි.


බෝපිටිය ශ්‍රී ශාක්‍යමුනි විහාරස්ථානය

කුරුණෑගල බෝපිටිය ශ්‍රී ශාක්‍යමුනි විහාරස්ථානයේ දී පොසොන් පෝදා දවස පුරා ධර්මදේශනා භාවනා, ධර්ම සාකච්ඡා, බෝධි පූජා ආදී විශේෂ පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරස්ථ දායක සභාව සංවිධානය කර ඇත.


සැදැහැ ගී

දහම් පාසල්වල සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් පොසොන් බැති ගී සරණිය කතරගම මහාදේවාලය ඉදිරිපිට පෙරහර අංගණයේ දී ජූනි මස 24 දින පස්වරු 6.00 සිට පැවැත්වීමට කතරගම ප්‍රාදේශීය රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව ‘කතරගම රාජ්‍ය සේවක මිත්‍රත්ව පදනම’ විසින් කටයුතු සංවිධානය කර ඇත.


හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාමය

පෙරවරු 6.00 සිට පසුදා දක්වා දාන, සීල, භාවනා, ධර්මදේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම විහාරාධිපති වලවෙල හේමානන්ද නාහිමිගේ උපදෙස් පරිදි වීතදෝශී සංවිධානය මඟින් සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන් සදහා දඵගම සමිතඥාන, වේවැල්දුවේ ධමිමිකිත්ති, දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති ඇලපිටිවල නන්දවිමල යන හිමිවරු ඇතුඵ ගාල්ලේ සුධම්මචාරි දසසිල් මාතාව සහ කථිකාචාර්ය බන්දුල අත්තනායක මහතා සහභාගිවීමට නියමිතය.


රන්වැට පූජාව

වාද්දුව මාවල මැස්ටිය ශ්‍රී සුනේත්‍රාරාම පුරාණ මහ විහාරාධිපති පණ්ඩිත බඩල්කුඹුරේ සෝමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ ඓතිහාසික බෝධිරාජයාණන් වටේ තනවන ලද රන්වැට සහ අටවිසි බුදුරජාණන් වහන්සේලා සහිත දර්ශණිය කුටි විසි අට විවෘත කිරීමේ උත්සවයක් පොහෝ දින පෙරවැරුවේ දී දිවියාගහ යසස්සි නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.


ගල්පාත ශ්‍රී සුමංගලාරාමය

රුවන්වැල්ල ගල්පාත ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානය තෙවැනි වරටත් ඉදිරිපත් කරන අලංකාර පොසොන් කූඩුව මෙම මස 23 වැනිදා සිට 30 වැනිදා දක්වා විහාරස්ථානයේදී පැවැත්වේ.


පහන්කූඩු තරගයක්

රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව දෙවන වරටත් පවත්වන රන්වැලි පොසොන් උදානය පහන් කූඩු තරගය මෙවරත් පැවැත්වේ. රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සුදත් මංජුල මහතාගේ සංකල්පයක් මත මෙම කලාපය මේ මස 23, 24, 25, 26 දිනවලදී රුවන්වැල්ල නගරය, මහජන ක්‍රීඩාංගණය හා කැලණි ගඟ මිටියාවත කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබයි. මෙම දින හතර පුරාම දන්සල්, භක්තිගීත, බෞද්ධ චිත්‍රපට, බෞද්ධ නාට්‍ය තරග සමඟ මහමෙව්නා භාවනා අසපු සංචිතයේ ස්වාමීන්වහන්සේලා දේශනා කරන පාලි හා සිංහල පිරිත් සජ්ඣායනයක් ද පැවැත්වේ.


අනුරාධපුර මහා භාවනා දිනය 54 වන වාරය

පණ්ඩිත දොඩම්පහළ කවිධජ මා හිමිපාණන් වහන්සේ විනයාචාර්ය මොරටුවේ වාචිස්සර මා හිමිපාණන් වහන්සේගේ ද සහායෙන් පවත්වාගෙන ආ අනුරාධපුර මහා භාවනා දිනය මෙම පොසොන් පොහෝ දා මහමෙවුනා උයනේ දෙවන සමාධි පිළිමය ඉදිරිපිට දී දොඩම්ගොඩ අස්සජී නාහිමියන්ගේ අනුශාසනා පරිදි දවස පුරා පැවැත්වේ.

54 වන වරට පවත්වනු ලබන මේ උතුම් පින්කමේ දී ගෝවින්නේ පඤ්ඤාලෝක හිමි, ගලගෙදර සද්ධාධජ හිමි වල්පොල මහින්ද හිමි විශේෂ ධර්මානුශාසනා පවත්වති.

භාවනා දිනයේ ප්‍රධාන සංවිධායක ධුරය දැරූ චන්ද්‍රා මදනායක සිල්වා මහතාට අමා සුව පතා ස්වර්ණා ද සිල්වා මහත්මිය ඇතුළු යට්ටෝගොඩ ශීල භාවනා මධ්‍යස්ථානය මෙවරද මෙම පින්කම සංවිධානය කරයි. කොස්ගම යටවක භාවනා සමිතිය රාජාංගන යාය 15 – 16 භාවනා සමිතිද නාරාහේන්පිට ජාතික පොළ සැදැහැවතුන්ද එක්ව කොළකැඳ දන්සැලක් ද පවත්වයි.

හාරිස්පත්තුවේ අරියවංශාලංකාර හිමියන්ට සෙත්පතා තුල්හිරිය දැදිගම ‘ආරියතිලක පදනමේ’ ශාඛා අනුග්‍රහයෙන් ද පෝ දින සවස හා රාත්‍රී ගිලන්පසද පසුදින උදේ දානය ද පිරිනැමේ.


ගවයන් නිදහස් කිරීමක්

දෙහිවල ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය විසින් සභාපති රනිල් ප්‍රනාන්දු මහතාගේ අධීක්‍ෂණයෙන් 21 වරටත් පවත්වනු ලබන මරණයට කැප වූ ගවයන් නිදහස් කිරීමේ පින්කමක් මේ මස 23 වැනි පොහෝ දින පැවැත්වීමට නියමිත ය.

දෙහිවල හිල් වීදිය, අංක 56 හි දී උදෑසන 8.30 ට මේ පින්කම පැවැත්වේ.


දෙල්දූව - ගනේවත්ත පුරාණ විහාරය

වාද්දූව, දෙල්දූව, ගනේවත්ත පුරාණ විහාරාධිකාරී, ශාස්ත්‍රපති කිතලගම නන්දසාර හිමියන්ගේ අනුශාසනා පරිදි පෝදා විහාරස්ථානයට අටපිරිකර දහසක් පූජා කිරීමේ මහා පින්කමක් එදින සවස 6.30 ට සිදු කෙරේ. එයට සමගාමීව අෂ්ඨඵල මහා බෝධි වන්දනාව ගනේවත්ත පුරාණ විහාරාධිකාරී, ශාස්ත්‍රවේදී උඩලමත්තේ නන්දරතන හිමියන් විසින් පැවැත්වීමට නියමිතය.

අටපිරිකර පූජා කිරීමේ ආනිසංස පිළිබඳ පුණ්‍යානුමෝදනාව වාද්දුව, වේරගම ශ්‍රී ගංගාතිලකාරාමාධිකාරී, දෙවුන්දර නන්දරතන හිමියන් විසින් දේශනා කෙරේ.


ශ්‍රී ගංගාරාම පුරාණ විහාරය

පොසොන් පොහොය නිමිත්තෙන් බදුල්ල අන්දෙණිය ශ්‍රී ගංගාරාම පුරාණ විහාරයේ අටවිසි බුද්ධ පූජා පින්කම පොසොන් මස 20 වන දින සිට 27 දක්වා පැවැත්වේ. ඊට සමගාමීව කුල දරුවන් සසුන්ගත කිරීමේ පින්කමක් ද 27 වන දින පැවැත්වේ.

 

 පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 22 වෙනිදා සෙනසුරාදා අපරභාග 08. 53 ට ලබයි.
23 වෙනිදා ඉරිදා අපරභාග 05. 03 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 23 වෙනිදා ඉරිදා ය.

මීළඟ පෝය
ජුනි 30 වෙනිදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]