Print this Article


කොත් පැළඳවීමේ මහෝත්සවය

කතරගම, සෙල්ල පාර, මයිලගම උපාලි ධර්මාශ්‍රම විහාරස්ථානයෙහි අභිනවයෙන් ඉදිකරවන ලද විසිනව රියන් වෙහෙර වහන්සේගේ චූඩා මාණික්‍යය සහිත කොත් වහන්සේ පැළඳවීමේ මහෝත්සවය මේ මස 16 වැනි ඉරු දින ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත, දවුල්දෙණ ශ්‍රී ඥානේශ්වර මාහිමියන්ගේ සහ කතරගම, කිරිවෙහෙර, රාජමහා විහාරාධිපති, ආචාර්ය, අලුත්වැව සෝරත නා හිමියන්ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ද ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත ය.