UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

තායිලන්ත අගමැතිනි යින්ලැක් ෂිනවත්‍රා මැතිනිය (01) මල්වතු අස්ගිරි උභය පාර්ශවීය මහ නාහිමිවරුන් දෙනම බැහැදැක අෘශීර්වාද ලබා ගත්තාය. මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් වහන්සේට තායිලන්ත අගමැතිනි යින්ලැක් ෂිනවත්‍රා මැතිනිය විශේෂ කරඬුවක් පිළිගැන්වූ අයුරු.

අස්ගිරි පාර්ශවයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරඛිත මහ නාහිමියන් වහන්සේට තායිලන්ත අගමැතිනිය යින්ලැක් ෂිනවත්‍රා මැතිනිය විසින් පිරිකර පූජා කළ අයුරු. - ඡායා - ගාමිණී රණසිංහ

ලේක් හවුස් වෙතින් ‘බුදු සාදු’ සහ ‘මුතු අහුර – 4’

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) නව ළමා පුවත්පත් දෙකක් අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී (02) ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීම සිදු විය. “මුතු අහුර සහ බුදු සාදු” ළමා පුවත්පත් දෙකෙහි ප්‍රථම පුවත්පත් අනුරාධපුර අටමස්ථානාධිපති පණ්ඩිත පල්ලේගම සිරිනිවාස නා හිමියන් වෙත සභාපතිවරයා පිළිගැන් වූ අයුරු. එම අවස්ථාවට ලංකාරාමාධිකාරී රැළපනාවේ ධම්මජෝති නාහිමි රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නා හිමි , ජේතවනාරාමාධිකාරී ඉහළ හල්මිල්ලකුලමේ රතනපාල, අභයගිරි චෛත්‍යාරාමාධිකාරී කල්ලංචියේ රතනසිරි යන නාහිමිවරුන් ප්‍රමුඛ ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක, නීති අධ්‍යක්‍ෂ රසාංග හරිස්චන්ද්‍ර, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නාරද සුමනරත්න, අලෙවි කළමනාකරු සුනිල් සෙන්දනායක, අනුරාධපුර ලේක්හවුස් ශාඛා කළමනාකරු සරත් පෙරේරා, අනුරාධපුර ප්‍රාදේශීය කර්තෘ (වැඩ බලන) කිත්සිරි වනසිංහ යන මහත්වරුන් සහභාගී වූහ.
ඡායාරූපය – චිත්‍රාරත්න කළු ආරච්චි

මාධ්‍යයට කළ මෙහෙවරට විශේෂ තිළිණයක්

මාධ්‍ය වෙනුවෙන් කළ සුවිශේෂී කාර්ය භාරය අගය කරමින් අනුරාධපුර බුද්ධජයන්ති විහාරයේදී අස්ගිරි පාර්ශ්වයේ උතුරු හා උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමිපාණන් වහන්සේ අතින් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූ අයුරු. ඡායාරූපය – අමිල ප්‍රභාත් වනසිංහ

 
 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජූනි මස 07 වැනි දා සිකුරාදා අපරභාග 07.04 ලබයි.
08 වැනි දා සෙනසුරාදා අපර භාග 09.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 16 වැනි දා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]