UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවිය අස්ගිරි මහ නාහිමියෝ ජනපතිට පෙන්වා දෙති

ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවිය අස්ගිරි මහ නාහිමියෝ ජනපතිට පෙන්වා දෙති

නිසි ප්‍රමිතියෙන් තොර අටපිරිකර වෙළෙඳ පොළේ අලෙවිය සඳහා පවතින බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහනාහිමියන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ශ්‍රී දළදා මැදුරේ දී පසුගිය දා (01) පෙන්වා දීමෙන් පසු ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස ජනපතිවරයා පාරිභෝගික සේවා අධිකාරියට ඒ මොහොතේදීම උපදෙස් දී තිබේ.

දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේ ප්‍රමිතියෙන් තොර අටපිරිකරක කොටස් මහනාහිමියන් විසින් ජනපතිවරයාට පෙන්වා ඒ පිළිබඳ සොයා බලා කූට වෙළෙඳුන්ට එරෙහිව පියවරක් ගන්නා ලෙස ඒ මහතාගෙන් ඉල්ලා සිටියහ. ශ්‍රී දළදා සමිඳුන්ට බැතිමතුන් විසින් පූජා කරන ඇතැම් අටපිරිකර වල සිවුරු කඩක්, ප්ලාස්ටික් කෝප්පයක් දමා මතුපිටින් හොඳින් ආවරණය කැර තිබෙන බවත්, ඒවාහි ප්‍රමිතිය පිළිබඳ නොදන්නා බෞද්ධයින් විශාල මුදල් දී අටපිරිකර රැගෙන විත් පූජා කරන බවත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කීය. මේ අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන ඇමැති සරත් ඒකනායක යන මහත්වරු ද සහභාගී වූහ.

 

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජූනි මස 07 වැනි දා සිකුරාදා අපරභාග 07.04 ලබයි.
08 වැනි දා සෙනසුරාදා අපර භාග 09.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 16 වැනි දා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]