UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෝම හාමුදුරුවන්ගේ චතුර අනුශාසනාවට කාගෙත් අවධානය!

සෝම හාමුදුරුවන්ගේ චතුර අනුශාසනාවට කාගෙත් අවධානය!

“පොඩි හාමුදුරුවෝ පොඩ්ඩක් ආවොත් හොඳයි මෙහාට?”

එසේ කතා කළේ ලොකු හාමුදුරුවන්ය. වඩාත් පැහැදිලිව කියන්නේ නම් පල්ලේ බැද්දේ මායාදුන්නරාමාධිපති පූජ්‍ය පල්ලේබැද්දේ සුමනවංශ ලොකු හාමුදුරුවෝ ඒ කතා කළේ පූජ්‍ය පල්ලේබැද්දේ සෝම පොඩි හාමුදුරුවන්ට ය. සිය එකම ගෝල නමටය. පොඩි හාමුදුරුවෝ පැමිණ ලොකු හාමුදුරුවන්ගේ පය පාමුල ඈඳි ගත්හ.

“පොඩි හාමුදුරුවන්ට මම මෙතෙක් දොහක් කතා කළේ පොඩි තැන කියලා, නේද?”

“එහෙමයි ලොකු හාමුදුරුවනේ!”

“අද සිට මම පොඩි තැන කියන්නේ නෑ. කියන්නේ පොඩි හාමුදුරුවෝ කියලා”

“එහෙමයි”

“සෝම පොඩි තැන නොවෙයි, මේ පන්සලේ පොඩි හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ චීවරය පොරවාගෙන සිටින අයට සුදුසු නැහැ පොඩි තැන කියා ඇමතීම! සෝම මේ පන්සලේ දෙවෙනියා!

සෝම හාමුදුරුවෝ නිහඬව අසාගෙන සිටියා විනා කතා කළේ නැත. කතා කරන්න දෙයක් තිබුණේ ද නැත. ලොකු හාමුදුරුවෝ කළේ සිය අදහසක් කියා පෑම පමණය.

“පොඩි හාමුදුරුවෝ චීවරය දරන්නේ සතුටින්ද?”

“එහෙමයි ලොකු හාමුදුරුවනේ, මම චීවරය දරන්නේ ඉතා සතුටින්.”

“පොඩි හාමුදුරුවෝ මේ පන්සලේ වැඩ වාසය කරන්නේ හිතේ සතුටින්ද?”

“එහෙමයි, මම ලොකු සතුටකින් මේ පන්සලේ වාසය කරන්නේ!”

“හැබැයි මුලින් මුලින් නම් චීවරයටවත්, මේ පන්සලේ වාසයටවත් වැඩි කැමැත්තක් තිබුණේ නෑ නේද?”

“එහෙමයි! මුලින් දිනයන්හි එහෙම පසුබෑම් තිබුණත් දැන් නම් මට ලොකු කැමැත්තක් සිවුර දැරීම! මම මගේ ජීවිතේ කිසිම දවසක සිවුරු හැරදාලා යන්නේ නෑ!”

“බොහොම හොඳයි! අපි සෝම මහණ කළේ හඳහන් බලලාවත් නොවෙයි. නමුත් මට දැන් හිතෙනවා මමත් සෝමගේ සහෝදරීත් මහණකමට සුදුසු කෙනෙක් මහණ කරවා ගත්තා කියා.”

“අපේ අප්පුහාමි සහෝදරයා නම් හිතා හිටියේ මම වැඩි කලක් සිවුරේ රැඳෙන එකක් නෑ කියා.

“හිතා හිටියේ නොවෙයි සෝම, මායාදුන්න අප්පුහාමි අදටත් සිතාගෙන සිටින්නේ සෝම සිවුර දරා සිටින එකක් නෑ කියා! හිටිහැටියේ සිවුර හැරපියා යාවිය කියා!”

භික්‍ඛු සංඝස්ස අපේ රටට පමණක් පොදු නැත. එය විශ්ව කීර්තියට පත් සංස්ථාවකි. මේ අනභිභවනීය සංස්ථාවට බුදුන්ගේ කාලයේ එළිය දුන්නේ සැරියුත්, මුගලන්, ආනන්ද, මහාකාශ්‍යප, සීවලී, භද්දිය, වප්ප, මහානාම, අස්සජී, චක්ඛුපාලා රාහුල ආදී මහා තෙරුන්ය. එදාද දේවදත්ත වැනි තෙරුන් පහළ විය. නමුත් එයින් බුදු සසුනටවත්, සංඝ සංස්ථාවටවත් සිදු වූ හානියක් නැත.

අපේ රටේ ජීවිතය භික්‍ෂු සංඝස්ස බව බොහෝ අය දන්නේ නැත. රටට රජුන් හැදුවේ භික්‍ඛු සංඝස්සය. රජුන් හට රජයක් සාදා දුන්නේ භික්‍ඛු සංඝස්සය. ඔවුන් රට කරන දිහා බලා උන්නේද භික්‍ඛු සංඝස්සය. කව්රු රට කළත් රට ජාතිය ආගම රැක ගත්තේ භික්‍ඛු සංඝස්සය. අපේ රට සිංහලය. රට සිංහල කළේ, නිවැරදි බස් වහරක් අපට දායාද කළෝ කව්රුන්ද? භික්‍ඛු සංඝස්සය. සිංහල සාහිත්‍යයක් ඇති කළෝ කව්රුන්ද? භික්‍ඛු සංඝස්සය. සාහිත්‍යය යනු අපේ ජීවිතයයි. ඕනෑම රටක සාහිත්‍යය යනු ඒ රටේ සිතුම් පැතුම් හා ගති පැවතුම්ය. භික්‍ඛු සංඝස්ස හා අදාළව කතා කළ යුතු දේ බොහෝ ඇතත් අප සිංහල සාහිත්‍යය වෙත ඇඳී බැඳී රැඳී යන්නේ සිංහල සාහිත්‍යය සහ භික්‍ඛු සංඝස්ස අතර දැඩි බැඳීමක් ඇති නිසා ය.


 

“හෙට අපේ ගෙදර සාංඝික දානය නිසා අපේ නෑදෑයින් පිරිලා සම්මත අයියේ! ඔයා සමග සෙල්ලම් කරන්නවත් වෙලාවක් නෑ මට!”

“කමක් නෑ ලලිතා නංගී යන්න! ගෙදර වැඩ ඇති නේද?”

“ඔයත් එන්නකො අපේ ගෙදර යන්න!”

“අපි එනවා හැන්දෑවට”

“එහෙනම් එන්න”

”මම යනවා හොඳේ”

ලලිතාගේ නිවසේ සාංඝික දානයට විහාරස්ථාන හතරකින් භික්‍ෂූන් වහන්සේලා පසළොස් නමක් වැඩම කළහ. අනුශාසනා හතරක් පවත්වන ලද නමුත්, හැම දෙනාගේම සිත බැඳ ගන්නා ලද්දේ පල්ලේබැද්දේ මායාදුන්නරාම විහාරස්ථානය වෙනුවෙන්, එහි ලොකු හාමුදුරුවන්ගේ අවසරය පිට පූජ්‍ය පල්ලේබැද්දේ සෝම හිමි විසින් පවත්වන ලද අනුශාසනාවය. දාන අනිසංස සම¼ග රටට සේවය කිරීමේ දාන චේතනා අලළා කරන ලද එම අනුශාසනාව සරළ සුගම බසින් පැවතුනේ සම්මත හා ලලිතා වැනි කුඩා දරු දැරියන්ට ද පහසුවෙන්ම වටහා ගත හැකි ආකාරයටය.

සාංඝික දානය පැවතුනේ බර්ලින් සුමනසේකර යුවළගේ තිස්පස් වන විවාහ සංවත්සරය නිමිති කොටය.

“විවාහ සංවත්සරය සැමරීම සඳහා සාංඝික දානයක් පිරිනැමීම වැදගත්ය. තුනුරුවන අමතක නොකලා සේ, ගමේ තුනුරුවන වැඩ සිටින පන්සලද අමතක නොකළ යුතු ය. අනෙක් පන්සල් තුනට වඩා පල්ලේබැද්දේ අපේ පන්සල දුප්පත්ය. අඩුපාඩු බොහෝ ය. ශක්තිමත් දායක සභාවක් නැතිවීම නිසා පන්සල පවතින්නේ අසරණ වූ තත්ත්වයකය. පන්සල් වත්තේ පිං ළිඳ පිළිසකර කොට දෙනෝදාහකට දිය පොදක් නා ගැන්මට පහසුකම් සලස්වන්නේ නම් එය කෙතරම් පිනක්ද?”

සෝම හාමුදුරුවන්ගේ චතුර අනුශාසනාව හමාර වෙනවාත් සමගම දාන ගෙදර ඇති වූයේ උණුසුම් තත්ත්වයකි. බර්ලින් සුමනසේකර මහතා එක්වරම කියා සිටියේ යන ඕනෑම වැයක් දරා තමා පිං ළිඳ පමණක් නොව පිං ළිඳට යන පාරද පිළිසකර කිරීමට සුදානම් බවය.

පැටී මහත්තයා කීවේ පන්සලට අලුත් දායක සභාවක් පිහිටුවීමට තමා සූදානම් බවය. මේ උණුසුම් කතා බහ අතර ටයි සමරසිංහ මහතා දාන ගෙදරින් පිටවී යනු බොහෝ අය බලාගෙන ය.

මතු සම්බන්ධයි


භික්ෂු සංඝස්ස 10- ගමේ පන්සල ගැමි විමුක්තියේ නිජබිම ය

 

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජූනි මස 07 වැනි දා සිකුරාදා අපරභාග 07.04 ලබයි.
08 වැනි දා සෙනසුරාදා අපර භාග 09.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 16 වැනි දා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]