Print this Article


හක්මණ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සමාධි බුද්ධප්‍රතිමා වහන්සේ

හක්මණ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සමාධි බුද්ධප්‍රතිමා වහන්සේ

දුටු මනින්ම ජනතාවගේ සිත්සතන් බුදුහිමියන් කෙරෙහි මහත් ප්‍රසාදයෙන් පිරීතිරී යන ලෙසින් නිර්මිත මේ සමාධි බුද්ධප්‍රතිමා වහන්සේ වැඩසිටින්නේ හක්මණ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයෙහිය.

බුද්ධප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමේ මහත් වූ පුණ්‍ය කටයුත්තට දායකත්වය දී කටයුතු කරනු ලැබුවේ හක්මණ විශ්‍රාමලත් තැපැල් ස්ථානාධිපති එම්.කේ. සී.ඩී. සිල්වා මහතා, එම මැතිනිය සහ දූ දරු පිරිස විසිනි. විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති, හක්මණ ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රවේදී, පණ්ඩිත වේපතඉර සෝමාලෝක නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ අනුශාසනාවෙන් බුදුපිළිම වහන්සේ ඉදිකිරීමේ කුසල කර්මය සිදු කරන්නට යෙදුණි.