Print this Article


පිහිට පතයි

පිහිට පතයි

ගිරිඋල්ල, මත්තේගම ග්‍රාමනිලධාරී වසමේ ඇල්ලපාර, මත්තේගම කු/බෝපිටිය ලිපිනයේ පදිංචි සයුරී රශෝද්‍යා සිරිගම්පල (09) හැවිරිදි දියණිය ලියුකේමියා පිළිකා රෝගයෙන් පෙළෙන්නීය. මහරගම ජාතික පිළිකා රෝහලේ වෛද්‍ය දමයන්ති සී. පීරිස් මහත්මියගෙන් තෙමසක් පුරා ඇය ප්‍රතිකාර ගැනීමෙන් පසුව ඉන්දියාවේ චෙන්නායි ඇපලෝ රෝහලේ දැනට ප්‍රතිකාර ලබන්නීය.

එස්.ඒ.ආර්.ආර්. පී‍්‍රතිලාල් මහතාගේ දයාබර දියණිය වූ සයුරී දියණිය ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලේ ඉගෙනුම ලබයි. මෙම දියණිය සුවපත් කිරීම සඳහා ඉන්දීය රුපියල් ලක්‍ෂ 45ක මුදලක් වැයවේ. පී‍්‍රතිලාල් පවුලේ එකම දියණියවන සයුරීගේ මාස තුනක ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකා රුපියල් ලක්‍ෂ 20ක මුදලක් අවශ්‍ය වේ. මේ දියණියගේ ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට අවශ්‍ය මුදල පරිත්‍යාගශීලී පින්වතුන්ගෙන් බලාපොරොත්තු වේ. ඒ සඳහා ලංකා බැංකුවේ ගිරිඋල්ල ශාඛාවේ 3451450 ගිණුම් අංකය යටතේ එස්.ඒ.ආර්.ආර්. පී‍්‍රතිලාල් නමින් ආරම්භ කර ඇති ගිණුමට හෝ මහජන බැංකුවේ වැල්ලවත්ත ශාඛාවේ 145 – 2 – 001 – 1 – 0001900 ගිණුම් අංකය යටතේ ආරම්භකර ඇති ගිණුමට ඔබගේ පරිත්‍යාග මුදල් යොමුකරන ලෙස ඉල්ලා සිටී. 0776512132 හෝ 075 6881740 අංකය ඇමතීමෙන් තොරතුරු විමසිය හැකි ය.