UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බක්මහ උළෙලේ සත් සිරිත්

බක්මහ උළෙලේ සත් සිරිත්

සූර්ය උදාව මුල් කර ගනිමින් අනාදිමත් කාලයක් තිස්සේ අපේ මිනිස්සු සූර්ය වන්දනාවෙහි යෙදුණහ. ආගම දහම අපට ආශිර්වාදයක් වන බැවින් නූතන මිනිසාට වඩා පැරැණි මානවයා එය සුරකින්නට කාලය වෙන් කර ගත්තේය. ඒ තුළින් මේ රට සශ්‍රීක විය. මිනිසුන් විවේකයෙන් සුවසේ නීරෝගිමත්ව තම දරු මුණුපුරන් සමගින් කාලය ගත කළේ අපමණ සතුටකිනි.අද වන විට ඒ සොම්නස මිනිසා තුළින් ඈත්ව ඇති බවක් ද පෙනේ. ආගම දහමින් ඈත් වන විට මිනිසා කායික මානසික වශයෙන් රෝගීන් බවට පත්ව ඇත.

තුන්සිය හැටපස් දවසක් ගතවන දවසේ සූර්යා මීන රශියෙන් මේෂ රාශියට ගමන් කරන වේලාව උදාවන විට කායික මානසික සුවය ගෙනදෙනු ලබන සැණකෙළි පවත්වනු ලබයි. මේ සඳහා සත් සිරිත් විරිත් අනුගමනය කරන්නට විය.

පරණ අවුරුද්දේදී වැඩිහිටියන් වඳින්නට, පුදන්නට විය. තමන්ගෙ වත්ත,ඉඩම කඩම ගේ දොර ළිඳේ සිට ශුද්ධ පවිත්‍ර කරන්නාක් මෙන් තම ස්ථානයද පිවිතුරු කර ලන්නට බුදු දහම අනුව කටයුතු කර ලන්නටත් උත්සුක විය. මව්පිය වැඩිහිටි වන්දනාව එහිදී මුල් විය. මහලු මව්පියන් පෝෂණය කිරීම, මව්පියන්ගේ කටයුතු කර දීමද, පරපුර පවත්වාගෙන යාම දායාද සුරක්‍ෂිතව පවත්වාලීම මිය ගිය විට පින් දීම මේ කාර්යයන් තම මව්පියන් වෙනුවෙන් ඉටු කළයුතු බව ගංගා නදී තීරයේදී සිඟාල ගෘහපතියා වෙත බුදුන් වහන්සේ දෙසූ සේක. මව්පියන් ද තම දරුවන්ට සත් සිරිත් කියා දිය යුතුය. පවින් වළක්වාලිය යුතුය.දරුවනට යහපත කියා දිය යුතුය.

අද වන විට ඇතැම් අඹුසැමියෝ දරුවන් හදනවාට වඩා කුස තුළදීම මරා දමන්නට වෙහෙස වෙති. අවසානයේ බැරි වූ තැන දරුවෙකු බිහි කරයි. එවිට මවුපිය දූ දරු සබඳතා ඇතිවන්නේ කෙසේ ද? අම්මා මරන්නට තරම් සැහැසි දරුවන් බිහි වී අත්තේ මේ නිසාය.

මහලු වී සිටියත්
රුවින් අඩු වී සිටියත්
දුප්පත්ව සිටියත්
දෙමාපිය වැඳ පුදනු යහපත් (සිරිත් මල්දම)

අවුරුදු චාරිත්‍ර අතර දෙමාපිය වන්දනාවට මුල්තැනක් දී ඇත. බුලත් හුරුළු දෙකක් දී ගාථා කියා වඳින්නට අපේ සිංහල බෞද්ධ දරුවෝ හුරු පුරුදු වූහ.ලෝකයේ කිසිම රටක තම දෙමාපියන්ට බුලත් හුරුළු දී ගාථා කියා වඳින්නේ නැත. එවන් වැඩිහිටි වන්දනාව ද ආයු වර්ණ සැප බල ලැබෙන්නට හේතු වෙයි.

මහලු අයට සරදම් නොකරන්නේ
විහිළු කමට ගල්මුල් නොගසන්නේ
යහළු කමට ඔලගුව නාදින්නේ
මහලු අයට කරුණා කරපන්නේ
(සිරිත් මල්දම)

පුණ්‍ය කාලය හෙවත් නොනගතය යනුවෙන් අදහස් කරනු ලබන්නේ නැකැත් නොමැති වේලාව යන්නයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරුවන වේලාව නැකැත් වේලාවක් බැවින් පුණ්‍ය කටයුතුවල යෙදෙමින් පරණ පින් මතු කර ගනිමින් අලුතින් පින් දහම් එක් රැස්කර ගනු ලබයි. එවිට පරණ පාප කර්ම යටපත් වී පුණ්‍ය කර්ම ඵල විපාක දෙනු ලබයි. එම නිසා නොනගතය උදාවන විට මව්පිය දූ දරුවන් සමඟින් තම තමන්ගේ ගම බිම් වල වෙහෙර විහාර වෙත ගොස් හාමුදුරුවන් වහන්සේ දැක වැඳ පුදා තුණුරුවන්ගේ ආශිර්වාදය ලබා ගන්නට ක්‍රියා කරනු ලබයි. එය පුද්ගලයාගේ දියුණුවට හා අභිවෘද්ධියට හේතුවෙයි.බුදුන් දවස එක් පුතෙකු දියුණු වේ. දොරටු මොනවාදැයි තම පියාගෙන් විමසූ විට පියා තම පුතා බුදුන් වහන්සේ වෙත එක්කරගෙන ගොස් එම ප්‍රශ්නය ඉදිරිපත් කොට පිළිතුරක් ලබාදුන්නේය. එවිට බුදුන් වහන්සේ දෙසුවේ නිරෝගිබව,ආචාරශීලි බව වැඩිහිටියන්ගෙන් උපදෙස් ලබා ගැනීම, හොඳ ඉගෙනුමක් කිරීම, කම්මැලි නැති බව, මේ ආදි ගුණාංගයන්ගෙන් යුක්ත වීම දියුණුවේ මග බවයි. සූර්ය වන්දනාව හා බැඳුනු වැඩිහිටියන්ට ගරුකිරීම දරුවන්ගේ ගුණ නුවණ වැඩෙන්නට මගවේ. ඉහත සඳහන් කරන ලද ගුණාංග වලින් බැඳුණු අලුත් අවුරුද්ද සමස්ත සමාජයේම සුඛිත මුදිත භාවයට මග පාදයි.

අපේ දරුවන්ට අපේ දේශීය සංස්කෘතිය සුරකින උදාර සංස්කෘතිකාංග පිළිබඳ අවබෝධයක් ආදර්ශයෙන් ලබා දිය යුතුවේ.

සමාජය සංකර සිරිත් විරිත් වලට ගොදුරුවීම නිසා අපේ ඇතැම් ගම්දනව් වල සමගිය සතුට වෙනුවට අසමගිය අසමාදානය මත්ද්‍රව්‍ය තුළින් මතු කරනු ලබයි.

බක් මහ සැණකෙළියේ තවත් සුවිශේෂී අවස්ථාවකි නැකතට ගිනි මොළවා කිරි බත් පිස මව් පිය දූ දරු වැඩිහිටියෝ සියල්ල එකට එක වෙලාවක අනුභව කිරීම,මෙම සුන්දර අවස්ථාවන් දරුවන්ට අහිමි කරන පියවරු අපේ රටේ නැතුවා නොවේ. එම නිසා සමගියේ නිදහසේ අවුරුද්ද පවුල නමැති ඒකකයේ සිට ජාති භේද වලින් තොරව සියල්ලන්ම නිදහසේ ආහාර ටික ගන්න අකුරු කරන්නට, රැකියාවක් කරන්නට අවස්ථාව සලසා දීම වැඩිහිටි සැමගේ යුතුකමකි.

හිස තෙල් ගෑම හා බැඳුණු චාරිත්‍රය තුළින් නිරෝගිමත් සමාජයක් ගොඩනගන්නට හැකිවේ. මිනිසාගේ හිසේ රෝග නිවාරණය කරනු ලබන්නේ හිසතෙල් ගෑම තුළින්ය. ඒ නිසා අපේ පැරැණි අම්මලා දරුවන්ට හිසතෙල් ගාන්නට හුරු පුරුදු කරන්නට විය. අද ඇතැම් අම්මලාට එයට ඉඩක් නැත.

අලුත් අවුරුද්දේ අලුත් සිතුම් පැතුම් අනුව පරිසරය අලුත්වැඩියා වන්නා සේම මිනිසාත් අලුත් විය යුතුය. භෞතික සංවර්ධනය මෙන්ම මානසික සංවර්ධනය ද ඇති කරන බක් මහ උළෙල හා බැඳුණු සත් සිරිත් සුරැකීම අප කාගේත් යුතුකමකි. බුදු සමයේ සුවිශේෂ ලක්ෂණ රැසකින් සමන්විත මෙම උත්සවය හින්දු ආගමික ලක්ෂණයන්ගෙන් ද මිශ්‍ර වී ඇත. සාමජ සංවර්ධනයට ද ආගමික සහයෝගීතාවයට ද අවශ්‍ය වන්නා සේම ජාතින් අතර එකමුතුව ද අවශ්‍ය වී ඇත. ඔබ සැමට තෙරුවන් සරණින් දෙවි රැක වරණින් සාමය සෞභාග්‍ය පිරුණු අලුත් අවුරුද්දක්ම වේවා!

 

 

මැදින් මස අමාවක පෝය

මැදින් මස අමාවක පෝය අප්‍රේල් මස 09 අඟහරුවාදා අපරභාග 02. 48 ට ලබයි.
10 වැනිදා බදාදා අපරභාග 03. 10 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් මස 09 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් මස 18 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 25

Second Quarterඅව අටවක

මැයි 02


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]