Print this Article


පිහිට පතයි

පිහිට පතයි

පිළියන්දල, පොල්ගස්ඕවිට, පාලාගම අංක 37 හි පදිංචි නුවන් දිනේෂ් අද්දරගේ (31) යන අය අසාධ්‍ය වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. ඒ. එම්. වසීල් මහතා නිර්දේශ කර ඇත.

ඔහුට ඕ වර්ගයේ වගුකඩුවක් අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලියෙක් වේනම් 0779868545, 0714398720 දුරකථනයට දන්වන ලෙස ඉල්ලා සිටී.


කන්තලේ 93 හන්දියේ අංක ආර්/ 81 හි නිවසේ පදිංචි වයි. ධම්මිකා සේනාධීර මෙනෙවියගේ වකුගඩු දෙකම අක්‍රීය වීම නිසා මහනුවර මහරෝහලේ දී රුධිරය පිරිසුදු කිරීමේ ප්‍රතිකාරය කරයි. ඇයට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු පවසයි. මේ සඳහා පරිත්‍යාගශීලි අයෙකු සිටී නම් 077 8790658 , 072 – 4489926 හෝ 026 3268639 යන දුරකතන අංක වලට අමතන ලෙස දන්වා සිටියි.