UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

පිළියන්දල, කොටගෙදර පාර, සපුමල් උයන අංක 18 බී හි පදිංචි ඒ.එම්. ජයන්ත මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංක 072 5677122 දන්වන ලෙස ඉල්ලා සිටියි.


කොටගල පබ්බතාරාම විහාරයේ ගෙලිඔය ධම්මරක්‍ඛිත හිමියන්ගේ මෑණියන් වන අංක 291, නව ඇල්පිටිය, ගෙලිඔය යන ලිපිනයෙහි පදිංචි රණසිංහ ආරච්චිගේ සුමනාවතී යන අය හෘදයෙහි නාළ හයක් අවහිර වීම හේතුවෙන් හෘද සැත්කමක් කිරීමට නියමිතව ඇත. මේ සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යතුමාගේ නිර්දේශය මත රු. 600 000 වියදමක් දැරීමට සිදුවන බැවින් ආධාර බලාපොරොත්තු වෙයි. ලංකා බැංකුව ගෙලිඔය ශාඛාව, ගිණුම් අංක 4103282 ට මුදල් ආධාර ලබාදෙන ලෙස ඉල්ලීමක් කෙරේ. වැඩි විස්තර 072 136 3336 දරන දුරකථන අංකයෙන් දැනගත හැක.


දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අසාධ්‍ය රෝගියෙකු සඳහා “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු වේ නම් 071 3895979 හෝ 011 2 878951 යන දුරකථන අංකවලට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.

සීදූව, ලියනගේමුල්ල, අංක 251 හි පදිංචි එල්.පී. කුමාරසිංහ (හමුදා සේවයේ විශ්‍රාමික) යන අය දරුණු වකුගඩු රෝගයක් වැළඳී ඇති අතර, ඒ සඳහා ඒ+ හෝ ර්‍ණ+ වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරු විසින් ප්‍රකාශ කර සිටී. මේ සඳහා යම් පරිත්‍යාගශීලියකු වේ නම් දුරකථන අංක 011 4932149 ට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳින දෙදරු පියෙකුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් 071 7612427, 077 8539569 දරන දුරකථන අංකයන්ට දන්වන ලෙස ඉල්ලා සිටියි. ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යක්කල කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක 8850009068 මුදල් බැරකළ හැකියි.


නොම්බර 14, ශ්‍රී ගුණරතන මාවත, ගල්කිස්සේ පදිංචි නිහාල් එදිරිසිංහ මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් (බී පොසිටිව්) වකුගඩුවක් හැකි ඉක්මනින් බද්ධ කළ යුතු බව වෛද්‍ය මතයයි. උතුම් දානමය පුණ්‍යකර්මයකට දායක වීමට කැමැති පරිත්‍යාගශීලියකු වෙතොත් අමතන්න. 0773209230 (මනිශ්කා - දියණිය)


අක්මාවෙන් කොටසක් ලබා ගැනීමට

කොළඹ 05, තිඹිරිගස්යාය, එෆ්. 16, විවාහක පොලිස් නිවසේ පදිංචි ඩබ්.ඒ. මියුරින් නැමැති අය අක්මා රෝගයකින් පෙළේ. ඇයට අක්මා කොටසක් බද්ධ කළයුතු බැවින් අවුරුදු 30 – 40 වයස “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” කාණ්ඩයේ ලේ වර්ගය ඇති නිරෝගි අයකුගෙන් අක්මාවෙන් කොටසක් ඉල්ලා සිටියි. වැඩි විස්තර 034 2254805, 077 8478125 දරන දුරකථන අංකයන්ගෙන් විමසිය හැකියි.


පන්නිපිටිය, පැලැන්වත්ත, සමඟිපුර අංක 326/44, දරන නිවසේ පදිංචි, කොළඹ විශාඛා විද්‍යාලයේ උසස් පෙළ ගණිත අංශයේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සංජු රෝෂිණි ද සිල්වා දියණියට වැලඳී ඇති දරුණු වකුගඩු ආබාධයක් හේතුවෙන් වකුගඩු දෙකම අක්‍රිය තත්ත්වයෙන් පසුවන බවත් ඇයට ‘බී පොසිටිව් වර්ගයේ” වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බැවින් පරිත්‍යාගශීලියකු වේ නම් දන්වන ලෙස ඉල්ලා සිටී.

ඇයගේ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් අවශ්‍ය බැවින් මුදල් ආධාර ලබා දෙන මෙන් දෙමව්පියෝ ආයාචනා කර සිටිති.

ඇයට ආධාර ලබා දෙන්නේ නම් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කොට්ටාව ශාඛාවේ ගිණුම් අංක 101020176575 දරන එන්.එච්.ආර්.ජී. ද සිල්වා මහතා නමින් ඇති ගිණුමට බැර කළ හැක. දුරකථන අංකය 071 7901291 වැඩි විස්තර විමසිය හැකි ය.


වැලිකල, පොකුණුවිට ලිපිනයේ පදිංචි පී.එච්. වීරවර්ධන මහතා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරී මහතෙකි. දැනට ඔහු කොළඹ ජාතික රෝහලේ වකුගඩු අංශයේ ප්‍රතිකාර ලබන අතර, ඔහුට වකුගඩුවක් බද්ධ කිරීම සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත.

මේ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති කාරුණික පින්වත් අයෙක් වේ නම් දුරකථන අංකයන්ට අමතන මෙන් ඉල්ලීමක් කෙරේ. 072 4300712, 071 4554762, 071 4466225, 072 3594911


නුගේගොඩ, ගංගොඩවිල පැඟිරිවත්ත පාර අංක 19 හි පදිංචි (අවු. 9) ඩබ්ලිව්. කවිඳු ආකාශ් බොතේජු දරුවාට මොළයේ හදිසි ශල්‍යකර්මයක් සිදු කිරීමට බැවින් ඒ සඳහා පහළොස් ලක්‍ෂයක් (1, 500, 000/- ) මුදලක් අවශ්‍යව ඇති බව දන්වයි. ඒ දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ඔබගේ ආධාරය ඉල්ලා සිටියි. දෙල්කඳ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුම් අංක 101190130443 මුදල් බැර කරන ලෙස ඉල්ලා සිටින අතර, වැඩි විස්තර 0112 833203 (අශෝක) 072 2274388 හෝ 072 1325161 දරන දුරකථනයෙන් දැනගත හැකියි.


බදුල්ල, රිල්පොල, වේවැල්හින්න, ‘නීල්රුක්’ නිවසේ පදිංචි 44 වියැති ආර්.එම්. සිරියලතා (එස්. රත්නායක) මහත්මිය වකුගඩු රෝගයකින් පෙළෙන බැවින්, බී හෝ ඕ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර රෝහලේ විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්කාර මහතා නිර්දේශ කර ඇත.

වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලී අයෙකු 072 2994424, 071 1953986, 0777 178582 දුරකථන අංක වලට දැනුම් දෙන ලෙසත්, ප්‍රතිකාර සඳහා විශාල මුදලක් දැරීමට සිදුවී ඇති බැවින් පරිත්‍යාගශීලී ඔබගේ ආධාර බලාපොරොත්තු වේ. ඔබගේ ආධාර මහජන බැංකුවේ බදුල්ල මුතියංගණ ශාඛාවේ ගිණුම් අංක 269 – 2 – 001 – 6 – 8456517 දරන ගිණුමට බැර කරන ලෙස මා කාරුණිකව ඉල්ලමි.


මොරටුව, රාවතාවත්ත ද. සොයිසාපාර අංක 97/ඒ හි පදිංචි එච්.සී. සොයිසා මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් හැකි ඉක්මනින් “ඕ පොසිටිව් හෝ ඕ නෙගෙටිව්” වකුගඩුවක් අවශ්‍ය බැව් ජාතික රෝහලේ වෛද්‍ය ඒ.එල්. එම්. නසාර් මහතා පවසා ඇත.

ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංක 077 2385929 හෝ 0777 687812 වලට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 26 වැනිදා අඟහරුවාදා අපරභාග 04.22 ට ලබයි.
27 වැනි දා බදාදා අපරභාග 02.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 26 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 03 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]