UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පන්නිපිටිය දෙව්රම් විහාරයේ පෙරහර

පන්නිපිටිය දෙව්රම් විහාරයේ පෙරහර

සිදුහත් මහ බෝසත්තුමා මෙලොවට බිහි කළ මහමායා දේවියත්, සුද්ධෝදන පිය මහරජතුමාත් සිහිපත් කරමින් මව්පිය ගුණ කියා දෙන අතර ඒ වෙනුවෙන් පෙරහරක් පැවැත්වීමට ද අපේක්‍ෂා කළහ. සුද්ධෝදන මහමායා බුදුමව්පියවරු දෙපළට පූජෝපහාර පිණිස ඒ පෙරහර පැවැත්වීමට අපේක්‍ෂා කළහ.

පෙරහරක් පැවැත්වීමෙන් අපේ රටේ සංස්කෘතිය, කලාව පෝෂණය කිරීමටත් සහායක් වීම මෙන්ම විශේෂයෙන් මෙවන් පෙරහරක් පැවැත්වීමෙන් බොහෝ දෙනා ඒ පිළිබඳ තම අවධානය යොමු කිරීමට මහන්සි ගනී

පන්නිපිටියේ දෙව්රම් විහාරය 1999 සැප්තැම්බර් 24 වන දා පර්චස් 13ක කුඩා භූමියක එදා ඇරැඹුණු අතර මේ වන විට අක්කර 13ක භූමි ප්‍රමාණයක විහාරස්ථානය ව්‍යාප්ත වී තිබේ.

විහාරස්ථානය ආරම්භයේ දී පැමිණෙන සැදැහැවතුන්ගේ ආගමික කටයුතුවලට උපකාරවන ධර්ම ශාලාවක් ඉදිකිරීම පමණක් අපේක්‍ෂා කළද, පැමිණි බොහෝ දෙනා කළ ඉල්ලීම් මත අංගසම්පූර්ණ විහාරස්ථානයක් වසරක් තුළ ගොඩනැංවුන බව පන්නිපිටියේ දෙව්රම් විහාරාධිපති කොළොන්නාවේ සිරි සුමංගල අනුනාහිමියෝ පැවැසූහ. උන්වහන්සේ මෙසේ ද පැවැසූහ.

විහාරස්ථානය අංගසම්පූර්ණවීමත් සමඟ ත්‍රිපිටකය ශිලා ලේඛන ගත කිරීමේ පින්කමක් සිදුකිරීමට අපේක්‍ෂා කළ අතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී බුදුමුවින් දේශනා කළ සූත්‍ර, විනය, අභිධර්ම යන ත්‍රිපිටකයෙන් සූත්‍ර පිටකය ශිලා ලේඛන ගත කර අවසන් වෙමින් පවතී. අඩි 8 ක් උස, අඩි 3 ක් පළල අඟල් 4 ක ගනකම ඇති ගල්පුවරුවක එම ත්‍රිපිටක දහම ශිලා ලේඛන ගත කෙරේ. ඉහත දැක් වූ ප්‍රමාණයේ ගල් පුවරු දහසක් ඒ සඳහා යොදා ගැනෙන අතර දැනට එවන් ගල් පුවරු තුන්සියයකට අධික ප්‍රමාණයක ශිලා ලේඛන ගත කර තිබේ.

2004 වසරේ මහසයුර ගොඩගැලූ මොහොතේ අපේ රටේ නොයෙක් දෙනා ඒ විපතට ගොදුරු වූහ. ඉතිහාසයේ මහ සයුර ගොඩ ගැලූ බව අප අසා තිබුණ ද, දැක නොතිබුණි. එහෙත් එවන් විපතක් පැමිණීමෙන් රටම, ලොවම කම්පාවට පත් වූහ. නැවත ඒ විපත සිදුවේ යැයි අවිශ්වාසයෙන් පසු වූහ.

අපේ රටේ අසරණ අහිංසක ජීවිත මහ සයුරට බිලි වූ වේලාවේ, එදා සිදුහත් මහ බෝසත් කුමරා මෙලොවට බිහිකර දින හතකින් පරලොව සැපත් වූ මහමායා දේවිය මාතෘ දිව්‍යරාජයා නමින් තව්තිසා දෙව්ලොව පහළ වූ පුවත සිහියට නැගිණි. ගෞතම සම්බුදු සසුනත්, ලොව්තුරා ධර්මයත් ආරක්‍ෂා කරනු ලබන අපේ රටට කරදරයක් විපතක් නොවේවායි පතමින් මාතෘ දිව්‍ය රාජයා නමින් එදා පහනක් දල්වා පඬුරක් ද ගැට ගසා තැබූහ. මහ සයුර ගොඩ ගලන ව්‍යසනයෙන් අපේ මව්බිම බේරාදුනහොත් මාතෘ දිව්‍යරාජයා වෙනුවෙන් දෙවොලක් ඉදිකර මව්පිය ගුණ මේ සමාජයට කියාදීමටත්, ඒ තුළින් යහගුණ පිරි මව්පියවරු අපේ සමාජයේ තව තවත් පහළවේවායි ද ප්‍රාර්ථනා කරන ලදී.

සිදුහත් මහ බෝසත්තුමා මෙලොවට බිහි කළ මහමායා දේවියත්, සුද්ධෝදන පිය මහරජතුමාත් සිහිපත් කරමින් මව්පිය ගුණ කියා දෙන අතර ඒ වෙනුවෙන් පෙරහරක් පැවැත්වීමට ද අපේක්‍ෂා කළහ.

සුද්ධෝදන මහමායා බුදුමව්පියවරු දෙපළට පූජෝපහාර පිණිස ඒ පෙරහර පැවැත්වීමට අපේක්‍ෂා කළහ.

පෙරහරක් පැවැත්වීමෙන් අපේ රටේ සංස්කෘතිය, කලාව පෝෂණය කිරීමටත් සහායක් වීම මෙන්ම විශේෂයෙන් මෙවන් පෙරහරක් පැවැත්වීමෙන් බොහෝ දෙනා ඒ පිළිබඳ තම අවධානය යොමු කිරීමට මහන්සි ගනී.

තායිලන්තයේ සාදවා නිම කරන ලද සුද්ධෝදන මහමායා පිළිරූ දෙක එම පෙරහරේ වැඩම කරවනු ලැබේ.

ආශීර්වාද පෙරහර වශයෙන් මාර්තු 27, 28, 29 යන තෙදින තුළ පස්වරු 6ට පෙරහර ඇරැඹේ. සුද්ධෝදන මහමායා මහ පෙරහර මාර්තු 30 වන දා සවස 6.30 ට වීථි සංචාරය කිරීම ආරම්භ වේ. සධාතුක කරඬුව පෙරටු කරගත් මහ පෙරහර 70 කට අධික අලි ඇතුන් සංඛ්‍යාවක්ද, උඩරට, පහතරට, සබරගමු නර්තන ශිල්පීන් 3000 කට අධික පිරිසක් ද ඊට සහභාගි වේ.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා තායිලන්ත උප සංඝරාජ ප්‍රා තෙප්විසුත්තපන් මහා ස්වාමීන්ද්‍රයන්ගේ වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් එය සිදු කැරේ. නාගරික සංවර්ධන හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ , දියවඩන නිලමේ නිලංග දෑල, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහත්වරු ද මහ පෙරහරේ මූලික කටයුතු සඳහා සහභාගිවීමට නියමිතය.

26 වන දා සර්ව රාත්‍රික පිරිත් දේශනය ආරම්භ කැරෙන අතර එම අවස්ථාවට මහරගම නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මියද 27 වන දා ආශීර්වාද පෙරහරේ මූලික අවස්ථාවට සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහා භාරකාර සරත් සෙනෙවිරත්න මහත්වරු ද 28 වන දා ආශීර්වාද පෙරහරේ මූලික අවස්ථාවට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් පේ‍්‍ර්මදාස, මහජන බැංකුවේ සභාපති ගාමිණී සෙනරත් මහත්වරු ද 29 වන දා ආශීර්වාද පෙරහරේ මූලික අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, පුද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආනන්ද පීරිස් මහත්වරු ද සහභාගි වීමට නියමිත බවද උන්වහන්සේ පැවැසූහ.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු මස 26 වැනිදා අඟහරුවාදා අපරභාග 04.22 ට ලබයි.
27 වැනි දා බදාදා අපරභාග 02.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු මස 26 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 03 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03

New Moonඅමාවක

අප්‍රේල් 09

First Quarterපුර අටවක

අප්‍රේල් 18


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]