Print this Article


පිහිට පතයි

පිහිට පතයි

පිළියන්දල මාවිත්තර ගුරුගම අංක 47/10 නිවසේ පදිංචි එච්.එම්. චන්ද්‍රපාල මහතා තදබල ලෙස වකුගඩු රෝගයෙන් පෙළෙන නිසා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කරන ලෙස කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත. එම නිසා “බී හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලී පින්වතකු වේ නම් දුරකථන අංක 072 4349986 හෝ 0112 617276 යන දුරකථනවලට දන්වන ලෙස ඉල්ලා සිටියි.


පලියාගම දකුණ, ආණමඩුව හි පදිංචි පී.එන්.එස්. වික්‍රමසිංහ දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර දැනට මහනුවර රෝහලේ ලේ පිරිසුදු කිරීමේ ප්‍රතිකාරයේ පසුවේ. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ හෝ “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත. මේ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලී ස්වාමීන් වහන්සේ නමක්, දසසිල් මාතාවක් හෝ පින්වතෙකු වේ නම් දුරකථන අංක 071 9070044, 072 4320800 දන්වන ලෙස ඉල්ලා සිටී.


මාතර, ගොඩගම, මදිනවත්ත, ලිපිනයෙහි පදිංචි (63) වී.ජී. ගුණවතී මාතාව දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඇයගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් බද්ධ කළයුතු බව ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා නිර්දේශ කර ඇත. “බී පොසිටිව් හෝ නෙගටිව්, ඕ පොසිටිව්” හෝ නෙගටිව්  (B +, B-, O+, O-)  වර්ගයේ වකුගඩුවක් ඇය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු වෙතොත් 041 2227894 හෝ 071 7937174 දුරකථන අංකවලට අමතන ලෙස ඉල්ලා සිටී.


වැලිවේරිය ඇඹරලුව උතුර අංක 289 නිවසෙහි පදිංචි, කම්කරු දෙපාර්තමේන්තු කම්කරු නිලධාරිවරයකු ලෙස සේවය කළ ඩබ්.ඒ. ජයසිංහ මහතා වකුගඩු රෝගයෙන් පෙළේ. ඔහුට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කළ යුතු බව ප්‍රතිකාර කරන වෛද්‍යවරු ප්‍රකාශ කරයි. එබැවින් ඔහුට වකුගඩුවක් ලබාදීමට කැමැති අයකු වේ නම් දුරකථන අංක 071 0932024 හෝ 0757978971 ට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.