Print this Article


අමරපුර සිරි සද්ධම්මවංස නිකායේ මහ නායක ධුරයට අහුන්ගල්ලේ සිරි සීල විසුද්ධි අනු නාහිමි

අමරපුර සිරි සද්ධම්මවංස නිකායේ මහ නායක ධුරයට අහුන්ගල්ලේ සිරි සීල විසුද්ධි අනු නාහිමි

අමරපුර සිරි සද්්ධම්මවංස මහා නිකායේ අභිනව මහා නායක ධුරය සඳහා අහුන්ගල්ලේ සිරි සීල විසුද්ධි අනු නාහිමියෝ පත් කර ඇත.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා නායක ධුරය හෙබවූ බළන්ගොඩ සිරි සුධම්මවංස මහ නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා අමරපුර සිරි සද්ධම්මවංස මහ නිකායේ සුධර්මා කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් පෙබරවාරි 19 දා බලපිටියේ මහා කප්පින සීමා මාලක විහාරයට රැස්වී එම ධුරය සඳහා ත්‍රිකුණාමලයේ රන්ගිරි උල්පත රාජ මහා විහාරය, ත්‍රිකුණාමලයේ උප්පුවේලි ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානය, ආදී රාජ මහා විහාර ගණනාවක අධිපති අහුන්ගල්ලේ සිරි සීල විසුද්ධි හිමිපාණන් පත්කර ගෙන තිබේ.

මහා නායක ධුරය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය ඉදිරියේ දී සිදු කිරීමට නියමිත ය.