Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අක්මාවෙන් කොටසක් අවශ්‍යයි

නො. 378, පළාත් මැනුම්පති නිල නිවස, අනගාරික ධර්මපාල මාවත, අනුරාධපුරයේ පදිංචි (56) යූ.ඩී.එල්. පියසිරි මහතා දරුණු අක්මා රෝගයකින් පෙළෙන බැවින් “බී” ලේ වර්ගයේ අක්මාවේ කොටසක් බද්ධ කිරීමට අවශ්‍යව ඇත. පරිත්‍යාගශීලී පින්වතකු වේ නම් දුරකතන අංක 025 2224884, 071 5103747 හෝ 071 6588668 ට දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටියි.


සැත්කමක් සඳහා ආධාර

හෝමාගම, ගලවිලවත්තේ විදර්ශන මාවතේ, 27/ඒ ස්ථානයේ පදිංචි (26) නදීෂ තරංග පෙරේරා මොළයේ ගෙඩියක් (Brain Tumor) නිසා රෝගී වී ඇත. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉන්දියාවේ මුම්බායි හි වෛද්‍ය සංජය මොන්ගියා මහතා වෙත යොමුකර ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බව ස්නායු වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් නිර්දේශ කර ඇත. ඔහුගේ මවට ද මෙයට වසර 25 කට පමණ පෙර ඇති වූ මෙවැනිම රෝගී තත්ත්වයක් හේතුවෙන් මේ දක්වා එක තැන්ව ප්‍රතිකාර ලබමින් සිටියි. මුදල් සොයාගැනීමට ඔබගේ අනුග්‍රාහකත්වය ඔහු අපේක්‍ෂා කර සිටී. සම්පත් බැංකුවේ ගිණුම් අංක 1013 5030 5530 (එල්.අයි.එන්. පෙරේරා) දරන ගිණුමට ඔබට හැකි පරිත්‍යාගයක් යොමුකළ හැකි අතර දුරකථන අංක (+94) 011 289 3186/ 077 155 8704 අමතා වැඩි විස්තර ලබාගත හැකි බව දන්වා සිටියි.


කොළඹ 08 බොරැල්ල පැල්පොල විපස්සී මාවතේ අංක, 131/61 ශ්‍රී ධර්මද්වජ භික්‍ෂු මධ්‍යස්ථානයේ විහාරාධිපති නෙළුම්වැවේ විපුලානන්ද හිමියන් දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් උන්වහන්සේට “ඕ” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.ඇල්.ඇම්. නසාර් මහතා විසින් නිර්දේශ කොට ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වෙතොත් අංක 071 8420375 හෝ 077 1587892 දුරකථන අංකවලට අමතන ලෙස උන්වහන්සේ ඉල්ලීම් කරති.


 


අකුරැස්ස, පරදුව, ‘තාරක’ නිවසේ පදිංචි රංජිත් දිසානායක (52) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නම් හැකි ඉක්මණින් ‘බී’ හෝ ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් ලංකා හොස්පිට්ල්ස්හි විශේෂඥ වෛද්‍ය රොමේෂ් ගුණරත්න මහතා නිර්දේශ කර ඇත.

දෙදරු පියෙකු වූ ඒ මහතා වෙනුවෙන් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු වෙතොත් පහත සඳහන් දුරකථන අංකවලට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ. දුරකථන අංක 077 1278420, 071 5360073


ලුණුවිල, බොරලැස්ස, අංක 197/ඒ හි පදිංචි එඩ්වට් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඔහුට ‘ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය මතයයි. ඒ සඳහා යම් පරිත්‍යාගශීලීන් වෙත්නම් දුරකථන අංක 031 2254942 හෝ 077 9038557 දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.


පිළියන්දල, කැස්බෑව, ගුරුපුර අංක 47/10 යන ලිපිනයේ පදිංචි එච්.එම්. චන්ද්‍රපාල මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවත් ඔහුට ඉතා ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවටත් කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්.නසාර් මහතා නිර්දේශ කර ඇත. එබැවින් ඔහුට අවශ්‍ය “බී හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති කෙනෙකු වෙත්නම් දුරකථන අංක 072 434 9986 හෝ 0112 617276 යන දුරකථන වලට දන්වන මෙන් ඉල්ලා සිටිති.


කැස්බෑව, මාකන්දන, මොරෑඳ පාරේ අංක 14 නිවසේ පදිංචි නිශාන්ත බොතේජු මහතා (36) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය සී.ඒ. හේරත් මහතා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව නිර්දේශ කර ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියකු වෙතොත් 075 6810300, 011 3161602 දුරකථන අංකවල දන්වන ලෙස ඉල්ලා සිටියි.



 


19 හැවිරිදි පිරිමි දරුවෙක් දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඔහුට ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය මතය වේ. ඔහුට “ඕ හෝ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් එය පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේ නම් 0112 971598 (කාන්ති) දරන දුරකථන අංකය අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.


මහරගම, වත්තේගෙදර පාර ජනතා පාර අංක 9 හි පදිංචි ලිලී සිංගානෙත්ති දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව වෛද්‍යවරු දන්වා ඇත. ඇයට “බී හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බැවින් පරිත්‍යාගශලීන්ගෙන් උපකාර පතයි. වැඩි විස්තර 077 2087062, 072 5299087 හෝ 075 5628557 දුරකථන අංකයන්ගෙන් දැනගත හැකියි.


තලවකැලේ නුවරඑළිය පාරේ පදිංචි එන්.ඒ.ඩී. දයානි මල්කාන්ති මහත්මියට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා පවසයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු සිටීනම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දෙන මෙන් ඉල්ලා සිටියි. දුරකථන අංක 077 5741021, 071 8286727 වේ.


නො. 32/1 සේනානායක පෙදෙස, දෙහිවල පදිංචි සාලිය ගුණසේකර (55) වයසැති දෙදරු පියෙක් වන අතර දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. විශේෂඥ වෛද්‍ය එස්. එම්. සෙනෙවිරත්න මහත්මියගේ් නිගමනයට අනුව ඔහුට බී හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍යව ඇත. වයස අවුරුදු 40 – 50 අතර පරිත්‍යාගශීලියකු වෙතොතේ් පහත දුරකතන අංක ඔස්සේ දන්වන ලෙස ඉල්ලා සිටී. 0778812794, 0777306907.


අසාධ්‍ය තත්ත්වයේ රෝගියකු ගේ ජීවිතය රැක ගැනීමේ සැත්කමක් වෙනුවෙන් “ඕ පොසිටිව්” හෝ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා පරිත්‍යාග ශීලියෙකුගෙන් ආධාර පතයි. වැඩි විස්තර 0778 520372 දරන දුරකථන අංකයෙන් දැනගත හැකි ය.


මොරටුව, කල්දෙමුල්ලේ, තුන්වැනි පටුමගේ අංක 25/10 නිවසෙහි පදිංචි දෙදරු මවක් වන ඊ. එල්. ජී. චිත්‍රා කාන්ති වකුගඩු අක්‍රියතාවකින් පෙලීම හේතුවෙන් ඇයට වහාම “ර්‍ණ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට ද වෛද්‍ය නිර්දේශය වී ඇත. වකුගඩුවක් දන් දීමට කැමැති පින්වතකු සිටී නම් ඉහත ලිපිනයට දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමු. දුරකථන අංකය 077 9224640


හඟුරන්කෙත, පල්ලේබෝවල, දෙල්පත්කඩ පදිංචි කේ.ජී. ගුණපාල මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ මහ රෝහලේ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත. ඔහුට අවශ්‍ය “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබා දිය හැකි පරිත්‍යාගශීලියෙකු වේ නම් ඒ බව 071 4663136, 072 6366747 දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස ද ඔහුට අවශ්‍ය බෙහෙත් සඳහා ආධාර උපකාර ඔහුගේ නමින් රිකිල්ලගස්කඩ ලංකා බැංකු ශාඛාවේ ආරම්භ කර ඇති අංක 4875083 දරන ගිණුමට බැර කරන ලෙසද ඉල්ලා සිටියි.