Print this Article


පෑලව ධම්මරතන නා හිමි 91 වෙනි ගුණ සමරුව

පෑලව ධම්මරතන නා හිමි 91 වෙනි ගුණ සමරුව

උඩරට අමරපුර මහානිකායේ ශාසනික දියුණුව වෙනුවෙන් උදාර සේවාවක් ඉටු කළ පෑලව සිරි ධම්මරතනාභිධාන උඩරට අමරපුර මහ නිකායේ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක හිමියන්ගේ 91 වෙනි ගුණ සමරුව පූජාපිටිය බටගල්ල ධම්මරතන පිරිවෙනේ දී උඩරට අමරපුර මහා නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත මහෝපාධ්‍ය, සාහිත්‍යාචාර්ය අත්තරගම වජිරජෝති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

නිකායේ සංඝ පීතෘවරයන් වහන්සේලා විශාල පිරිසක් සහභාගි වූ මෙම ගුණ සමරුවදී ධම්මරතන නාහිමිගේ ඡායාරූපයක් ද නිරාවරණය කළ අතර උඩරට අමරපුර නිකායේ ද්විතීය සංඝනායක වටගොඩ විජිත හිමි විසින් විශේෂ දේශනයක්ද පවත්වන ලදී.