Print this Article


කුල දරුවන් සියයක් පැවිදි කිරීමක්

කුල දරුවන් සියයක් පැවිදි කිරීමක්

කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ මෙහෙයවීමෙන් එළඹෙන වෙසක් පසළොස්වක පොහොය නිමිත්තෙන් කුල දරුවන් සිය දෙනෙකු සසුන් ගත කිරීමට කටයුතු යොදා ඇත.

වයස 12 – 20 ත් අතර සසුන් ගත වීමට කැමැති කුල දරුවන්ගේ මව්පිය හා භාරකරුවන්ගෙන් වගකීමක් සහිතව බාර දෙන ලෙසත් එසේ පැවිදි කරනු ලබන සාමණේර හිමිවරුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වගකීමකින් ඉටු කරගෙන යාමට ද කටයුතු යොදන බව කටාන මීගමුව ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංශ හිමියෝ පවසති. පැවිදීමට කැමැති දරුවන් හඳහන් කොපියක් ද සහිතව කටාන ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක ලේඛකාධිකාරී හිමි අභිනවාරාමය රද්දොළුව සීදුව යන ලිපිනයට මාර්තු 15 වන දාට පෙර යොමු කළ යුතු බවද කියයි.