Print this Article


හොරණ රාජමහා විහාරස්ථානයේ නවම් මහ පින්කම් මාලාව

හොරණ රාජමහා විහාරස්ථානයේ නවම් මහ පින්කම් මාලාව

හොරණ රාජමහා විහාරයේ පෙබරවාරි මස 02 වැනි දා සිට මාර්තු 06 වැනිදා දක්වා හොරණ රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත හොරණ පඤ්ඤාසේකර නා හිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් පැවැත්වේ.

පොහෝ දා සිල් සමාදන් කරවීම කොබවක සීවලී හිමියන් විසින් ද, පෙරවරු 8ට වරායායේ සමිත හිමියන්ගේ ධර්ම දේශනයද, 9.00 ට යටගම්පිටියේ ඤාණාලෝක හිමියන්ගේ ධර්ම දේශනයද, 10.45 ට බුද්ධ පූජාව හොරණ යසස්සී හිමියන්ද, පස්වරු 1 සිට 2 දක්වා කාව්‍ය ධර්ම දේශනය නියංගම රතනසිරි පොඩි හාමුදුරුවෝ ද, 2 ට ලේල්ලවල තපස්සී හිමියන්ගේ ධර්ම දේශනයද 3 ට පිළියන්දල රතන ශාන්ත හිමියන්ගේ භාවනා වැඩසටහනද, පස්වරු 4ට හෙවෙස්සේ නන්දාරාම හිමියන්ගේ දම් දෙසුම ද පැවැත්වීමට නියමිතය.

සවස 6.30 ට අෂ්ඨපාන සහිත අටවිසි බෝධි පූජාව සහ සත්තිස් බෝධි පාක්‍ෂික පූජාව පරගස්තොට සුධම්ම හිමියන් ද පැවැත්වීමට නියමිත ය.