Print this Article


පෝදා පින්කම්

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි මහා විහාර නවම් පුන් පොහොය වැඩසටහන මෙසේ ය.

පෙරවරු 8.00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනයෙන් පැවැත්වේ. මෙම පොහොය වැඩසටහනේ විශේෂ අංගයක් ලෙස පස්වරු 5.15 ට අනුරාධපුර ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී පදවීතිහාර පූජාව පැවැත්වේ. මෙහිදී මහාවිහාර පොහොය වැඩසටහනට සහභාගි වන උවසු උවැසියන් තබන තබන පියවරක් පාසා බුදුගුණ මෙනෙහි කරමින් ජය සිරි මහ බෝ සමිඳුන් පැදකුණු කරනු ඇත. මෙම නවම් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ. 26 වෙනිදා, එනම් පොහොය දිනට පසු දින මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 දක්වා භාවනා වැඩසටහන පැවැත්වේ. මෙම වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි. පොහොය වැඩසටහනට සහභාගි වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් අටමස්ථානාධිපති නාහිමිගේ අනුශාසනා පරිදි පන්නිපිටිය, මාකුඹුර පදිංචි, ඩී.ඊ. හෙට්ටිආරච්චි මහතා විසින් සලසා දෙනු ලැබේ.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම විහාරස්ථානයේ පුරපසළොස්වක පොහෝ දා වැඩසටහන් මෙසේ ය.

පෙරවරු 6.00 – 6.30 ට උපෝසථ ශිලය හා කෙටි අනුශාසනාව කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය ශ්‍රී ජයශේඛාරාරාමාධිකාරි රජවත්තේ වප්පහිමි, 7.00 – 7.30 දක්වා සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි 8.00 – 9.00 භාවනා වැඩසටහන විහාරාධිකාරී රජවත්තේ වප්ප හිමි, 9.15 – 10.15 දක්වා ධර්ම දේශනය රජවත්තේ වප්ප හිමි, 10.30 – 11.00 ට දවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරි මහින්ද හිමි 12.15 – 12.30 ට බුද්ධානුස්සති භාවනා විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය, 2.15 – 3.15 ට ධර්ම දේශනය මාලිගාවත්තේ සුධර්මාරාමාධිපති ගොඩඋඩ අරියධම්ම නා හිමි, 3.30 – 4.30 දක්වා භාවනාව තලල්ලේ සිරි මහින්ද නාහිමි, 4.30 – 5.30 ට ධර්ම දේශනය, ජයශේඛරාරාමවාසි, කෙසෙල්පොත සුමනවංශ හිමි, පස්වරු 6.00 ට සිල් පවාරණය, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 දක්වා සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව, 8.00 – 9.00 රාත්‍රී ධර්ම දේශනය (පටිගත කරන ලද)


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

පුන් පොහෝ දා වැඩසටහන් විස්තරය මෙසේ ය.

පෙරවරු 6.30 සිට 7.30 දක්වා උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, කෙටි අනුශාසනාව සහ මෛත්‍රී භාවනාව සිදු කිරීම, ධර්මායතනාධිපති නා හිමි, 7.30 සිට 8.00 දක්වා දානය පිරිනැමීම පුන්‍යවේක්‍ෂාව හපුතලේ රණසුද්ධි හිමි, 8.00 සිට 9.00 දක්වා භාවනා වැඩසටහන වඳුරඹ ඤාණාලෝක හිමි, 9.00 සිට 10.00 දක්වා ජනාධිපති මැදුරේ සිට විකාශනය වන ධර්ම දේශනාව, පෙරවරු 10.30 සිට පස්වරු 12.00 දක්වා දවල් සම්බුද්ධ පූජාව, දහම්පහළ ඤාණසුධීර හිමි, පස්වරු 1.00 සිට ස්වර්ණවාහිනියේ විකාශය වන අමාදහර කවි බණ වැඩසටහන. පස්වරු. 2.00 සිට 3.00 දක්වා ජාතක කතා දේශනාව, ශාස්ත්‍රපති නිමල් අමරවංශ මහතා, 3.15 සිට 4.00 දක්වා මහා පිරිත් දේශනාව සහිත මහා සමය සූත්‍ර දේශනාව ධර්මායතනයේ ස්වාමීන් වහන්සේලා විසින්, 4.00 සිට 5.00 දක්වා ධර්ම දේශනාව මොරටුව කොරළවැල්ල ගුණවර්ධනාරාමාධිපති, අරණායක අරියරතන නාහිමි, 5.00 සිල් පවාරණය සිදු කිරීම සහ පුණ්‍යානුමෝදනාව කිරීම, දම්පහළ ඤාණසුධීර හිමි, 6.30 අෂ්ඨපාන සහිත සම්මා සම්බුද්ධ ගිලන්පස බෝධි පූජාව ධර්මායතනාධිපති නායක ස්වාමීන් වහන්සේ. එදින උදෑසන 8.00 බුදුසරණ පත්‍ර බෙදා දීම මොරටුව පදිංචි නිලන්ත පෙරේරා මහතා සහ මල්කාන්ති මහත්මිය, මහේෂ් පෙරේරා, පුතු, චානියා පෙරේරා ඇතුළු ප්‍රධාන පවුලේ සැම.


හුණුපිටිය විජයසුන්දරාරාමය

වත්තල හුණුපිටිය විජයසුන්දරාරාම පුරාණ විහාරයෙහි පෝදා පින්කම් මෙසේ ය.

පෙරවරු 6.00 සිට පසුදා 6.00 දක්වා දාන සීල භාවනා ධර්මදේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රාශියක් විහාරාධිපති වලවෙල හේමානන්ද නාහිමිගේ අනුශාසනා පරිදි පැවැත්වේ. මෙම වැඩසටහන් සඳහා බුත්කන්දේ රතනජෝති හිමි, දළුගම සමිතඥාන හිමි, දේවගොඩ පියරතන හිමි, වේවැල්දූවේ ධම්මකිත්ති හිමි, අම්බලන්ගොඩ සුමනනන්ද හිමි, මාලිබොඩ සුගතානන්ද හිමි, ඇල්පිටිවෙල නන්දවිමල හිමි, ‘හසලක අමිතසිරි හිමි’ හුනුවල පියදස්සි හිමි ගාල්ලේ සුධම්මචාරි දසසිල්මාතාව දම් දෙසුම් පවත්වනු ලැබේ.


මොරටුව හොරේතුඩුව පුරාණ විහාරය

මොරටුව හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාම මහා විහාරස්ථානයේ දී පසළොස්වක පොහොය වැඩසටහන් මෙසේ ය.

අලුයම 5.00 ඝන්ඨා නාද කිරීම සහ සෙත් පිරිත් දේශනාව, පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම සහ තෙරුවන් නැමදීම, වැලිගම අනුරුද්ධ හිමි, 8.00 ධර්ම දේශනාව, කොස්ගම විමලවංස හිමි, 9.00 රූපවාහිනි ධර්ම දේශනාව, 10.00 භාවනා වැඩසටහන හිරණ ප්‍රජාපති සිල් ආරාමයේ අධිපතිනී මහියංගනයේ විශාඛා ධම්ම ශීලා මෙහෙණින් වහන්සේ, පස්වරු 1.00 විශේෂ ගිහි දේශනය ධර්මාචාර්ය ජිනසේන සිල්වා මහතා, 2.00 ධර්ම දේශනාව දෙහිවල පදුම හිමි, 3.00 ධර්ම සාකච්ඡාව අත්තිඩියේ නිහාල් පෙරේරා මහතා, 5.00 මහා බෝධි පූජාව මෙහෙයවීම වැලිගම අනුරුද්ධ හිමි.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී නවම්පෝදා දවසපුරා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල්පහන් ගිලන්පස කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

උදේ ධර්ම දේශනාව දකුණු කළුතර පරණ පාරේ, සිරිනිවාසාරාම මහා විහාරවාසී මාලඹේ පිරිමි ආදර්ශ විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී ගැටඅරලුවේ විපුල ධම්ම හිමියන් විසින් අටවිසි බෝමළුවේ දී ද, සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර බෝධීන් වහන්සේ සුවඳ පැණින් නෑවීමෙන් අනතුරුව බෝධි පූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාවභාර කිරිවෙහෙර රාජමහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් සිදුකර ශ්‍රී ලංකාවාසී සැමට සෙත්පැතීම සිදුකෙරේ.

රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමළුවේ දී අටවිසි බුදුවරුන් වෙනුවෙන් මල් පහන් ගිලන්පස පූජාකර බෝධි පූජා පැවැත්වේ. කිරිවෙහෙර තුන්වන මළුවේ පහන් 1500 ක ආලෝක පූජාවක් රාත්‍රී පැවැත්වේ. කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත. -


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ ශීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ ශීල වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි, 8.00 – 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ත්‍රිපිටකාචාර්ය දොළොස්වල උදිතධීර හිමි, 10.00 – 10.15 තරුණ සීල සමාදාන වෙබ් අඩවිය විවෘත කිරීම අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහානිකායේ අනුනායක ශාස්ත්‍රපති පණ්ඩිත ත්‍රිරිකුණාමලේ ආනන්ද නාහිමි, 10.15 – 11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ කනංකේ ධම්මික හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 ගිහි දේශනය කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හිටපු ඉංගශ්‍රීසි භාෂා සාහිත්‍ය උපදේශක ආචාර්ය රවීන්ද්‍රනාත් මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව ගම්පහ සිරි සීවලී හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.

වැඩිහිටි ශීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව කටුබැද්ද ධර්ම පර්යේෂණාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත හෑගොඩ විපස්සි හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව මතුගම සුවච ධම්ම හිමි, ඕපනායක ධම්මවිරාග හිමි, 12.35 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ – අම්පිටියේ සද්ධාවාස හිමි පස්වරු, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව, ශාස්ත්‍රපති පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව ත්‍රිපිටකාචාර්ය රංවල ඥාණාවාස හිමි, 3.00 – 3.30 විශේෂ අනුශාසනාව රත්මලාන මල්ලිකාරාමාධිපති වැලිගම ඥානරතන මහනාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව නාවින්න ජයතුංග යෝගාශ්‍රමවාසී වෑවල සෝමධම්ම හිමි, 5.00 – 6.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාමය

බත්තරමුල් සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන පොහෝදා සීල වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව, 8.30 – 9.30 භාවනාව, ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 9.45 – 11.00 ධර්මදේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව සහ පුණ්‍යානුමෝදනය, පස්වරු 1.00 – 2.00 ධර්මදේශනය, කහගොල්ලේ සෝමවංස නාහිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව පිටකන්දේ ආනන්ද විමලකීර්ති මාහිමි, 4.00 – 5.00 ධර්මදේශනාව සියඹලාගොඩ ධම්මින්ද හිමි, 5.00 – 6.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි. ප්‍රඥා ප්‍රභා සංවිධානය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන, ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන් රචිත මාසික ධර්ම ග්‍රන්ථය මෙවර, ධර්ම දානයක් ලෙස පිළිගැන්වේ.


මහනුවර තරුණ බෞද්ධ සංගමය

පසළොස්වක පොහෝ දින වැඩසටහන මෙසේ ය.

පෙරවරු 6.45 – 7.30 අටසිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව , 8.30 – 9.30 ධර්මානුශාසනාව හා සාකච්ඡාව අමුණුගම ශ්‍රී නිවාස හිමි, 9.30 – 10.45 භාවනාව හා සාකච්ඡාව රාජකීය පණ්ඩිත අම්පිටියේ සිරිවිමල මාහිමි, 10.45 – 11.15 දහවල් බුද්ධ පූජාව , පස්වරු 12.30 – 1.00 සෙත් පිරිත් දේශනය, 1.00 – 2.45 ධර්මානුශාසනාව හා සාකච්ඡාව බංගලිදේශයේ සෝමදත්ත හිමි, 3.15 – 4.15 ධර්මානුශාසනාව හා සිල් පවාරණය කොළඑළියේ සුදස්සී හිමි. -


කැලණි තරුණ බෞද්ධ සමිතිය

පුන් පෝ දින වැඩසටහන් විස්තර මෙසේ ය.

පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 භාවනා වැඩසටහන උතුරාවල ධම්මරතන හිමි, 9.15 ධර්ම දේශනය, 10.30 බුද්ධ පූජාව ඇටම්පිටියේ සිරිසාරානන්ද හිමි, පස්වරු 1.00 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 6.00 සිල් පවාරණය.


කොළඹ ශ්‍රී සම්බෝධි විහාරය

පොහෝ දින වැඩසහන මෙසේය

අළුයම 6.00 ට කිරි ආහාර පූජාව සමඟින් බෞද්ධයා විකාශනය ආරම්භ වීම, පෙරවරු 6.00- 7.15 - සිල් සමාදානය බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශානාව දරණාගම කුසලධම්ම නා හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව - නාවල ධම්මානන්ද හිමි, 9.30 – 10.30 ධර්ම දේශනාව - වැලිමඩ ප්‍රසන්න මානස හිමි, 11.00 – 11.30 – ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව, ශශ්‍රී සම්බෝධි විහාරවාසී අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 – දම්සභා මණ්ඩපය – රුහුණු විශ්ව විද්‍යාලයේ ආහාර හා පෝෂණ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගාමිණි සේනානායක මහතා, කැලණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා මහාචාරිනි පි‍්‍රයානි පරණගම මහත්මිය, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ අනුලා විජේසුන්දර මහත්මිය, මෙහෙයවීම – නීතිඥ ශෂික ජයතිලක මහතා , 2.00 – 3.00 භාවනා වැඩසටහන - කහගොල්ලේ සෝමවංශ හිමි, 3.30 – 4.30 – ධර්ම දේශනාව - බුද්ධංගල ආනන්ද හිමි, 4.30- 5.30 ධර්ම දේශනාව - ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමි, 5.30 – 6.00 - කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය


කළුතර බෝධිය

ආගමික වැඩසටහන් මෙසේය

පෙරවරු 6.30 – 7.30 සිල් සමාන් කරවීම තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව - පනාපිටියේ විජිතනන්ද හිමි, 7.45 – 9.45 – ධර්ම දේශනාව - ගම්පහ සිරි සීවලී හිමි, 10.15 – 11.15 – ධර්ම දේශනාව - ගුරු උපදේශක පරෙයිගම චන්ද්‍රාලෝක හිමි, 11.15 – ගවයින් නිදහස් කිරීමේ පින්කම හා එහි අනුශාසනය පල්ලන්තර ජිනානන්ද හිමි, පස්වරු 1.00 – 3.00 ධර්ම දේශනාව - තීනියාවල ඥානින්ද හිමි, 3.15 – 4.15 ධර්ම දේශනාව - ගාල්ල හත්තක මහ විදුහලේ ධර්මාචාර්ය ඌරගහ සුදේව හිමි, 4.30 – 6.00- ධර්ම දේශනය - ශාස්ත්‍රවේදී පිටිගල සිරිධම්ම හිමි , 6.15 – 7.00 – පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධිපූජාව (පටිගත කළ එකකි), 7.15 – 8.00 ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදි පහන් පූජාව, 8.00 සිට රූපවාහිනිය තුළින් බෞද්ධ වෙහෙර විහාර ස්ථාන නැරඹීම.


බම්බලපිටිය සිරි වජිරාරාමයේ පින්කම්

බම්බලපිටිය සිරිවජිරාරාමයේ පොහෝ දා වැඩසටහන් විස්තර මෙසේ ය.

පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව, සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද අනුනායක හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව සිරි වජිරාරාම දහම් පාසලේ උප ප්‍රධානාචාර්ය මීගොඩ සුඛිත හිමි, 9.00 – 9.30 ජාතක කතා පොතෙන් සිරි වජිරාරාමවාසි පිටිපන සාසනරතන හිමි, 9.30 – 11.00 භාවනාව සහ අනුශාසනාව ගම්පහ පාසාදික හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව පැරකුම්පුර විශාරද හිමි, පස්වරු 12.30 – 1.30 සෙත්පිරිත් සහ තෙරුවන් ගුණ සජ්ඣායනාව සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය කඹුරුගමුවේ මහානාග හිමි, 1.30 – 2.30 ධර්මසාකච්ඡාව පණ්ඩිත වැලිගේපොල සීලවංශ හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව සිරි වජිරඤාණ ධර්මායතනවාසී දියතලාවේ පියදස්සී හිමි, 4.00 – 5.00 ගිහි දේශනාව ගම්පහ දිස්ත්‍රික්කයේ පිරිවෙන් ගුරු උපදේශක ශාස්ත්‍රපති ජයසේන එදිරිසිංහසූරිහු, 5.00 – 6.30 අටවිසි බුද්ධ පූජාව සහ සිල් අලුත් කිරීම සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා.


ශ්‍රී කල්‍යාණි එක්සත් බෞද්ධ සංගමය

අරුප්පිටියේ පිහිටි ශ්‍රී ශාන්තියෝගාශ්‍රමයේ දී නවම් පුර පසළොස්වක පොහෝ දින සීල භාවනා වැඩසටහන විනයාචාර්ය හබුරුගල ධම්මසිද්ධි මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. පෝදා පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල සමාදානය, ධර්ම දේශනා, භාවනා, බුද්ධ පූජා, පිරිත් දේශනා වශයෙන් දවස පුරා පින්කම් සිදු කැරේ.