Print this Article


අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ පිරිත් පින්කම

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ පිරිත් පින්කම

වසරක් පාසා පවත්වනු ලබන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය, මෙවරත් මේ මස 24 වෙනි දින පොහෝ දින බෞද්ධ මණ්ඩල පරිශ්‍රයේ දී පැවැත් වෙයි.

බෞද්ධ මණ්ඩල මිය ගිය සාමාජික සාමාජිකාවන්ට, සහ රට වෙනුවෙන් දිවි දුන් සියලුම රණවිරුවන්ට, පින් අනුමෝදන් කිරීම, සහ ජීවත්ව සිටින සාමාජිකත්වයට, රටට, ජනතාවට, රජයට, සෙත් පැතීම මෙම පිරිත් පින්කමේ අරමුණයි.

බෞද්ධ මණ්ඩලයේ අනුශාසක පොතානේ ධම්මානන්ද මාහිමියන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම පිරිත් දේශනයට පසුදින හැටපස් නමකට අධික ගරුතර මහා සංඝරත්නය වෙත පිරිනැමෙන සපිරිකර සංඝගත දක්‍ෂිණාවකි. බෞද්ධ මණ්ඩලයට නව වසරට නව නිලධාරීන් පත් කර ගැනීමේ නිලවරණය මාර්තු මස පුර පොහොය දින පැවැත්වීමට නියමිතය.