Print this Article


ධර්ම දානයට බුදුසරණ

ධර්ම දානයට බුදුසරණ

අකුරැස්ස ඉලුක්පැල්ල වික්‍රමපුර නිර්මාතෘ වික්‍රමනායක දොන් ඇන්ද්‍රයස් මහතා සහ ඊශ්වරගේ දෝනා කර්ලිනා මාතාවට සහ වික්‍රමනායක කරුණාවතී, ඇතුළු ඇම්.ඩී. වික්‍රමනායක, කේ.පී. සැමී (ඊදඬුකිත) යූ.ජී. කුසුමාවතී යන මහත්ම මහත්මීන්ට නිවන් පතා බුදුසරණ පුවත් පතේ පිටපත් 300 ක් ඉලුක්පැල්ල ප්‍රදේශයේ විහාරස්ථානවල සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් වෙත ධර්මදානය පතා පිරිනැමේ.


ගරුතර මහා සංඝරත්නයට, සිල් මෑණියන්ට උපාසක උපාසිකාවන්ට, වැඩිහිටි, දුගී දුප්පත් ජනතාවට දාන මාන, පුද පූජා, රෙදි පිළි ත්‍යාග පිරිනැමීමේ මහා පින්කමක් තෙල්වත්ත දළුවතුමුල්ල ශි‍්‍රයානි නිවසේ ඒ.එම්. සෝමපාල මහතා විසින් මේ මස 26, 27, 28 යන දිනයන්හි තම දෙමාපියන්ට හා බිරිඳට පින් පිණිස පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සංඝරත්නයට, සිල්මෑණියන්ට සාංඝික මහා දානයක්ද ගිහි පිරිත් සජ්ඣායනයක්ද, සිල් රෙදි ප්‍රදානය කිරීමද එදින සවස 3 ට මලවැන්න රජයේ විද්‍යාලයේ ධර්මාචාර්ය දේශක කටුපේ කුමාරසිරි ජයලත් මහතා විසින් පැවැත්වෙන ගිහි දේශනාව හා භාවනා වැඩසටහනක්ද පැවැත්වේ.

28 දින දහවල තෙල්වත්ත ප්‍රදේශයේ විශේෂ දිවා භෝජනයක් පවත්වන අතර සවස 3 ට විශේෂ ධර්ම දේශනයක් හික්කඩුව පතන ධර්මාරාමාධිපති ධර්මාචාර්ය වේරගොඩ කස්සප නාහිමියන් විසින් පවත්වති.

මෙම පින්කමට සහභාගි වන සියලුම දෙනාටම ‘බුදුසරණ’ පත්‍රය බැගින් නොමිලේ ලබා දීමට කටයුතු සලසා ඇත.