Print this Article


ප්‍රාදේශීය ශාසනාරක්ෂක ලේඛකාධිකාරී ධුරයට සීදුවේ සුමනවංශ නා හිමි

ප්‍රාදේශීය ශාසනාරක්ෂක ලේඛකාධිකාරී ධුරයට සීදුවේ සුමනවංශ නා හිමි

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ උපදෙස් පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් දිවයිනේ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩල 312 අතර ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා තෝරා පත්කර ගැනීමේ නිලවරණයේ දී කටාන මීගමුව හිටපු ලේඛකාධිකාරී පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංශ නාහිමි 7 වෙනි වරටත් නිතරගයෙන් පත්කර ගන්නා ලදී.

ගම්පහ දිස්ත්‍රික් මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී වශයෙන් හා සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී වශයෙන් ද මේ දක්වා ක්‍රියා කරති. රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික විදුහලේ හිටප නියෝජ්‍ය විදුහල්පති වශයෙන් උන්වහන්සේ සේවය කර ඇත.