Print this Article


මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගෙන් හම්බන්තොට දිසාවේ සිල් ඇත්තන්ට බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග

මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගෙන් හම්බන්තොට දිසාවේ සිල් ඇත්තන්ට බුද්ධ ප්‍රතිමා පරිත්‍යාග

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 30 ක් සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේ පිරිනමා ඇත.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල සිල් සමාදන්වන සියලු උපාසක උපාසිකාවන් සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීමද මෙම වසර පුරා පැවැත් වේ.

මෙයට අමතරව වව්නියාව නැවත පදිංචි කිරීමේ ගම්මාන 11 ක පෞරාණික විහාරස්ථාන සඳහා ද බුද්ධ ප්‍රතිමා වහන්සේ පසුගියදා නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීතුමා අතින් පූජා කෙරිණි.